මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තමන්ගේ අනන්‍යතාව අහිමිවූවන්ට පුරවැසිභාවය ලබාදෙන නීතිමය වාතවරණය සැකසෙන පනතක් ගෙන එමු - නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා

    පෙබරවාරි 23, 2015

    දහස් ගණනක් තම නන්‍යතාව අහිමි වූ මේ භූමිය සමඟ තිබෙන නීතිමය අයිතිය අහිමිවූවන්ට නැවත මේ රටේ පුරවැසිභාවය ලබාගන්නට, නීතිමය වාතාවරණය සකසා දෙන්න අවශ්‍ය කටයුතු අපි සැවෝම එකතු වී සිදු කරමු යැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කරයි.


    පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර මහතා පසුගියදා (20) පාර්ලිමේන්තුවේ දී සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවට අඳහස් දක්වමින් අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා මේ බව පැවසී ය.

    පෙරටුගාමි පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලුව සහ ඊට සම්බන්ධ පුරවැසිභාවය පිළිබඳව ගැටලුව පිළිබඳව සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර මහතා යෝජනාව ඉදිරිපත් කරමින් අදහස් දැක්වීය.

    මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසී ය. ‘මේ රටේ මිනිසුන්ට දේශපාලනය කරන්න තිබෙන අයිතියත්, මේ රටේ උපන් අයට නැවත රටට පැමිණීමට අති අයිතියත් පිළිගන්නවා. ඒ අයිතිය පිළිබඳව කිසිදු වාදයක් තිබෙන්නට බැහැ.

    අපි කණගාටුවෙනවා, මේ රටේ ඉපදුණු කෙනෙකුට, රට තුළ කටයුතු කිරීමේ වාතාවරණය නොතිබීම සහ ඒ නිසා මතු වී තිබුණු දුෂ්කරතාව ගැන. අපිට විරුද්ධව දේශපාලනය කළත් නැතත්, දේශපාලනයට සම්බන්ධ නැතත් එකයි මූලධර්මය.

    කුමාර් ගුණරත්නම් මහතා ම මුල් අවස්ථාවේ ලංකාවට ආවාම, ඒ මහතා පැහැරගන්න සුදු වෑන් එව්වේ, පහුගිය ආණ්ඩුව. මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව කාලේ මේ රට දාලා ගිය අයටත් අපේ ආණ්ඩු කාලේ අපේ රට දාලා ගිය අයටත්, සිංහල වුවත්, දෙමළ වුවත්, මුස්ලිම් වුවත්, මේ රටට නැවත එන්නට තියෙන අයිතිය, අපි පිළිගන්නවා, ඒ වෙනුවෙන් පෙනී සිටිනවා.

    මේ ප්‍රශ්න ගැන සංවේදී මිනිස්සු, වෙනස් විදියට සිතන මිනිස්සු මේ ආණ්ඩුව ඇතුළේ සිටිනවා. මේ ප්‍රශ්නයට අපේ සංවේදී බවක් තිබෙනවා. අජිත් කුමාර මන්ත්‍රීතුමා එතුමගේ නඩුව ගැන කිව්වා. විශේෂයෙන් ම විදේශ කටයුතු අමාත්‍යාංශය හැටියටත්, අපි මෙම ප්‍රශ්නය පිළිබඳව විශේෂ අවධානය යොමුකොට තිබෙනවා.

    මේ රටින් නීත්‍යානුකූලව ගිහිල්ලා එන්න බැරිව සිර වී සිටින මිනිස්සු, නීතිවිරෝධීව මේ රටින් පැනලා ගිහිල්ලා, වෙන රටවල රැදිලා ඉන්න අය, එසේ වීම දේශපාලනික හෝ ආර්ථික හේතු විය හැකියි. ඒ සියලු දෙනාට මේ රටට ඒමට අවශ්‍ය කරන දේශපාලනික හා නීතිමය පරිසරය, සකස් කරන්නට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුයි.

    මෙය ඒ පුද්ගලයාගේ අනන්‍යතාව පිළිබඳ ප්‍රශ්නයක් තිබෙන්නේ. කුමක් වුවත් මේ ප්‍රශ්නයට අදාළ කුමාර් ගුණරත්නම් මහතාටත්, ඒ සමාන ප්‍රශ්නවලට මුහුණ දී සිටින මාධ්‍යවේදීන්ටත් තවත් විශාල පිරිසකටත්, ආර්ථික හේතුමත රටින් ගිය මිනිසුන්ටත් මේ ප්‍රශ්නයට විසඳුමක් අවශ්‍යයි.

    මගේ යෝජනාව නම්, මේ ප්‍රශ්නයට විසඳුම් දීම සඳහා ඉතා ඉක්මනින් ම පනත් කෙටුම්පතක් ගෙන ආ යුතු බවයි. අපිටත් අවශ්‍ය ප්‍රශ්නය විසඳන්නයි. අපි තනතුරු අරගෙන තිබෙන්නේ රටට වැඩ කරන්නයි. අනන්‍යතාව නැති වූ දහස් ගණනක් මිනිස්සුන්, හොර පාස්පොර්ට්වලින් ගිය, හොර උප්පැන්නවලින් ගිය, වෙනත් රටවල වෙනත් නම්වලින් ජීවත්වන මිනිස්සු ඉන්නවා.

    ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව රජයේ ප්‍රතිපත්තියක් ප්‍රකාශ කර තිබෙනවා. ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ප්‍රතිපත්තිය, ප්‍රකාශ කළාට ඔවුන්ට ලංකාවට ඇවිත් ලංකා භූමිය එක්ක සම්බන්ධවන්නට බැහැ, මන්ද දැන් තියෙන පාස්පොර්ට් එකයි ලංකාවේ නමයි වෙනස්. ඒ අතර තිබෙන්නේ පැහැදිලි කරගත නොහැකි කූඨ ලේඛන. විදේශ කටයුතු අමාත්‍යාංශය කියන්නේ ලංකාවෙන් පිට සිටින අයට ලංකාවට පැමිණීමට ඉඩ ලබාදිය යුතුයි කියලා. එහෙම දේශපාලන පරිසරයක් මේ රටේ තියෙනවා කියලා, එසේ නම් ඊට අවශ්‍ය කරන නීතිමය පරිසරය සකසා දිය යුතුයි. මේ සඳහා පනත් කෙටුම්පතක් සම්මත කර ගත යුතුයි.

    කුමාර් ගුණරත්නම් මහතාට මේ රටින් එළියට යන්නට සිදු වුවත් එතුමා නැවත ලංකාවට ඇවිල්ලා, ලංකාවේ දේශපාලනය කරන්න අවශ්‍ය කරන, ඒ නීතිමය වාතාවරණය හදාදීමට අවශ්‍ය කරන නව පනතක් ගෙන එමු. දහස් ගණනක් තම අනන්‍යතාව අහිමි වූ මේ භූමිය සමඟ තිබෙන නීතිමය අයිතිය අහිමි වූවන්ට නැවත මේ රටේ පුරවැසිභාවය ලබාගන්නට, නීතිමය වාතාවරණය සකසා දෙන්න අවශ්‍ය කටයුතු අපි සැවෝම එකතු වී සිදු කරමු. ’ යැයි ද ඔහු පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya