මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සංශෝධන පනත් කෙටුම්පත විවාදයට

    පෙබරවාරි 20, 2015
    දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනතත්, ජාතික ඖෂධ පනතත් පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පසු සෞඛ්‍ය සේවයේ විප්ලවීය වෙනසක් සිදුවන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

     

    රූපමය අවවාද සියයට අසූව දක්වා වැඩි කෙරෙන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (සංශෝධන ) පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ දෙවැනිවර කියවීමේ විවාදය ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (20) පාර්ලිමේන්තුවේ දීය.

     

    “ලෝකයේ බොහෝ රටවල් මෙම රූපමය අවවාද ක්‍රියාත්මක කරනවා.  බංගලාදේශය සියයට 40ක්, තායිලන්තය සියයට 85ක්, ඉන්දියාව සියයට 85ක්, නේපාලනය සියයට 90ක් ක්‍රියාත්මක කරනවා.

     

    හිටපු සෞඛ්‍ය අමාත්‍ය, වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ සඳහා කැප වී කටයුතු කළා. ඒ නිසාම ජාත්‍යන්තරයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එතුමා ඇගයීමට ලක් වුණා. ජාත්‍යන්තරයේ කීර්තිය ලැබුණා. අපි දුම්කොල පාලනය අතින් ජාත්‍යන්තරයේ සිටියේ 42වැනි ස්ථානයේ. දැන් අපි 2වැනි ස්ථානයට පත් වී තිබෙනවා.

     

    අකුරු මගින් ලබාදෙන අවවාදවලට වඩා රූපමය අවවාදවලින් වැඩි බලපෑමක් සිදුවන බව පරීක්ෂණ මගින් තහවුරු වී ඇතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා, දුම්පානය නිසා හෘදරෝග, පිළිකා, නොමේරු දරුවන් බිහිවීම වැනි දේට මුහුණ දීමට සිදුවෙනවා“ යැයි අමාත්‍යවරයා පැවසී ය.

     

    මෙය ඓතිහාසික පනතක් බව කී අමාත්‍යවරයා,ජාතික ඖෂධ පනත ද පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බව වැඩිදුරටත් පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya