මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ සේවකයන්ට, ජනතාවට යහපාලනය ප්‍රතිලාභයක් ලෙස ලැබී තිබෙනවා - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

    පෙබරවාරි 20, 2015

    “රාජ්‍ය සේවකයන්ට අද ස්වාධීන අධිකරණයක් තිබෙනවා. සුදුවෑන් ගැන සිතන්නේ නැතිව කටයුතු කරන්න හැකි වී තිබෙනවා. රජයේ සේවකයන්ට, ජනතාවට යහපාලනය ප්‍රතිලාභයක් ලෙස ලැබී තිබෙනවා“ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

    විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ස්ථාවර නියෝග 23(2) යටතේ අද (20) පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසී ය.

     

    පසුගිය රජය අයවැය මගින් රජයේ සේවකයන්ගේ වටුප් වැඩි කිරීම, දීමනා ලබාදීම වැනි රාජ්‍ය සේවකයන්ට හා විශාමිකයන්ට පොරොන්දු වූ සහන එලෙසම ලබාදීමට නව රජය කටයුතු කරන්නේ ද යන්න පිළිබඳව හා දින සියය වැඩසටහන මගින් රාජ්‍ය සේවකයින්ට ලබෙන ප්‍රතිලාභයන්හී ස්වරූපය කවරේ ද යන්න පැහදිළි කරන ලෙස විපක්ෂනායකවරයා සිය ප්‍රකාශයෙන් සඳහන් කළේ ය.

     

    “පසුගිය රජය රජයේ සේවකයන්ට සතපහක් දුන්නේ නෑ. වැටුප් මණ්ඩල අපි සියල්ල කැඳවා තිබෙනවා. පෞද්ගලික අංශයටත් අපි සහන ලබාදෙනවා. අද රාජ්‍ය සේවකයන්ට අවශ්‍ය ආහාර වර්ග 13ක මිල අඩු වී තිබෙනවා. තෙල් මිල අඩු වී තිබෙනවා. වී කිලෝවක් සඳහා රුපියල් 50ක මිලක් දී තිබෙනවා.

     

    අද සුදු වෑන් ගැන සිතන්නේ නැතිව රජයේ සේවකයන්ට කටයුතු කළ හැකියි. ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම, අධිකරණ කොමිෂම, ස්වාධීන පොලිස් කොමිසම නිසා ප්‍රතිලාභ ලැබෙන්නේ මේ රටේ රජයේ සේවකයන්ටයි. ජනතාවටත් රජයේ සේවකයන්ටත් යහපාලනයක් ලැබුනා“ යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya