මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසර සංරක්ෂණ නීතිරිති ක‍්‍රියාත්මක කිරීමේ දී කිසිඳු බලපෑමකට යටත් වෙන්න එපා

    පෙබරවාරි 20, 2015
    පරිසර සංරක්ෂණ නීතිරිති ක‍්‍රියාත්මක කිරීමේදී කිසිඳු බලපෑමකට යටත් නොවී තම රාජකාරිය නිසි ලෙස ඉටු කරන ලෙස ජනාධිපතිතුමා මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
     
    කුමන තරාතිරමකට අයත් වුව ද කිසිවෙකුට වාසිවන අන්දමින් කටයුතු නොකොට පරිසරය රැකගැනීමට කැපවීම සියලුදෙනාගේ වගකීම බවද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
     
    විෂයභාර අමාත්‍යවරයා ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ වැඩ කටයුතු සොයා බැලීමට ඊයේ (19) පෙරවරුවේ බත්තරමුල්ල මධ්‍යම පරිසර අධිකාරිය වෙත ගිය ජනධිපතිතුමා එහි ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ පැවති හමුවේදි මේ බව පෙන්වා දුන්නේය.
     
    සියලුම නිලධාරීන් නීතිය උපරිමයෙන් සුරකිමින් තම රාජකාරී ඉටුකිරීමට කැප විය යුතු බවද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා, එවැනි නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටීමට තමා  ඕනෑම අවස්ථාවක සූදානම් බවත් එබැවින් කිසිඳු බියකින් හා සැකයකින් තොරව සිය වගකීම් රට වෙනුවෙන් ඉටු කරන ලෙසත් උපදෙස් දුන්නේය.
     
    මධ්‍යම පරිසර අධිකාරියේ අධීක්ෂණය සහ නිරීක්ෂණය යටතේ ක‍්‍රියාත්මකවන ව්‍යාපෘතීන් පිළිබඳව ද මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය. දැනට ක‍්‍රියාත්මක ව්‍යාපාතිවල මතුව ඇති ගැටලු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්වූ අතර ඒ සඳහා ගත හැකි ක‍්‍රියාමාර්ග පිළිබඳ තමන් දැනුවත් කරන ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
     
    දීර්ඝ කාලීන ගැටලුවක් බවට පත්ව ඇති මදුරු මර්ධනය සහ ඝන අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීකරණ ගැටලුවට කඩිනමින් විසඳුම් සෙවීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන් ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් වගකිව යුතු අනෙකුත් ආයතන සමඟ මනා සම්බන්ධීකරණයක් ඇති කර ගනිමින් කටයුතු කරන ලෙසද උපදෙස් දුන්නේය.
     
    විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා මධ්‍යම පරිසර අධිකාරියට පැමිණිමේ අවස්ථාව සනිටුහන් කරමින් පැළයක් රෝපණය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    ජනාධිපතිවරයා වශයෙන් මෙන් ම විෂයභාර අමාත්‍යවරයා ලෙස මසකට වරක් තමන් යටතේ ඍජුව පවතින ආයතනවලට ගොස් ප‍්‍රගතිය සොයා බැලීමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.
     
    මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, අමාත්‍යංශයේ ලේකම් නිහාල් ජයවීර, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම හමුවට එක්ව සිටියහ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya