මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාසික ප්‍රගති සමාලෝචන රැස්වීමට ජනපති මහවැලි අධිකාරියට යයි

    පෙබරවාරි 20, 2015
    මහවැලි අධිකාරියේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම ඊයේ (19) මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
     
    ජනාධිපතිවරයා වශයෙන් මෙන් ම විෂයභාර අමාත්‍යවරයා ලෙස මසකට වරක් තමන් යටතේ ඍජුව පවතින ආයතනවලට ගොස් ප්‍රගතිය සොයා බැලීමට ජනාධිපතිතුමා තීරණය කර තිබේ.
     
    මහවැලි සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ පැවති මෙම රැස්වීමට මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, අමාත්‍යංශ ලේකම් නීල් රූපසිංහ, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී රාජකරුණා යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරිහු එක්ව සිටියහ. 
     
    DB
     
    ඡායාරූප -  නිශාංක ද සිල්වා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya