මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපේ විදේශ ප්‍රතිපත්තිය පවතින්නේ, දෘෂ්ටිවාදය මත නොව ජනතාවගේ අවශ්‍යතාවයට සරිලන ප්‍රායෝගික ප්‍රතිපත්තියක් ලෙසයි

    පෙබරවාරි 20, 2015

    අපේ විදේශ ප්‍රතිපත්තිය පවතින්නේ, දෘෂ්ටිවාදය මත නොව ජනතාවගේ අවශ්‍යතාවයට සරිලන ප්‍රායෝගික ප්‍රතිපත්තියක් ලෙස බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

     

    අමාත්‍යවරයා අද (20) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව පැවසී ය.

     

    “ජාත්‍යන්තරය සමඟ කටයුතු කරන්න අපි සූදානම්. මෙහි ප්‍රතිලාභ ලැබෙන්නේ, අපේ රටේ ජනතාවටයි. අන්තවාදයට අපි ඉඩ දෙන්නේ නෑ. ශ්‍රී ලංකිකයන් හැටියට රටේ දියුණුවට ධනාත්මක මැදිහත්වීමක් සිදු කළ යුතුයි. ශ්‍රී ලාංකික අනන්‍යතාව බිහිකරගැනීමට සුභ මොහොතක් අපිට ලැබී තිබෙනවා. ඒ සඳහා අපිට ජනාධිපතිවරයෙක් ලැබුණා.

     

    මානව හිමිකම් කඩවීම් පිළිබඳව සොයාබැලීම සඳහා වූ දේශීය යාන්ත්‍රණයක් පිළිබඳව අපි සාකච්ඡා කරමින් සිටිනවා.

     

    පසුගිය රජයේ ජාත්‍යන්තර විරෝධී ක්‍රියාකලාප නිසා, අවුල් සහගත විදේශ ප්‍රතිපත්තිය නිසා රජය එකඟ වූ ජාත්‍යන්තර වගකීම ඉටු කිරීමට නොහැකි වූ නිසා ජාත්‍යන්තර විරෝධය ගොඩ නැගුණා. පසුගිය රජය මේ කටයුතු නිසි ලෙස සිදු කළා නම් අද මෙවැනි  දුරක් මේ ප්‍රශ්න ඇදී යන්නේ නෑ.

     

    අපේ රටට එරෙහිව මානව හිමිකම් කඩවීම පිළිබඳව චෝදනා එල්ල කරන විට එම යුද අපරාධ පරික්ෂා කල යුත්තේ, දේශීය අධිකරණ පද්ධතියක් තුළින් බවත්  ඒ සදහා නීති පද්ධතියක් අප සතු බවත් විපක්ෂයේ සිටිය දී අප ප්‍රකාශ කළා.

     

    මානව හිමිකම් කඩවීම් සොයාබැලීමට විශ්වාසනීය දේශීය පරීක්ෂණයක් පිළිබඳව වන ස්ථාවරයේ වෙනසක් නැතැයි ද “ අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya