මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමෘද්ධි සහ දිවි නැගුම නිලධරීන් 28,000ටම සහන හා උසස්වීම් පටිපාටියක්- අමාත්‍ය සජිත් ප්‍රේමදාස

    පෙබරවාරි 19, 2015

    සමෘද්ධි සහ දිවි නැගුම නිලධාරීන් 28,000කට ඉතාම සහන පොළියට ණය ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් මෙම නිලධාරීන් වෙනුවෙන් උසස්වීම් පටිපාටියක් දින සියය ඇතුළත සකස් කරන බවත් සමෘද්ධි හා නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේ, ඊයේ (18) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා ගෙන ආ සභාව කල්තබන අවස්ථාවේ දී ඉදිරිපත් කළ යෝජනාවට පිළිතුරු කතාව කරමිනි.

     

    දිවිනැගුම නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබාදීමේ දී මනසික පීඩාවක් ඇතිවන ලෙස සිදු කර ඇති බවත් ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමේ දී  වෘත්තීය සමිති, අනෙකුත් අදාළ අංශ සමඟ විධිමත් සාකච්ඡාවක් පවත්වා අදහස් යෝජනා ලබාගෙන මාරුවීම් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන මෙන් ඉල්ලමින් සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කර තිබුණි.

     

    එහිදී අඳහස් දැක්වූ අමාත්‍යවරයා,

     

    එම නිලධාරීන්ට උසස්වීම් පටිපාටියක් නෑ.දින සියය ඇතුළත උසස්වීම් පටිපාටිය සකස් කොට සමෘද්ධි හා දිවි නැගුම ක්ෂේත්‍ර නිලධාරීන්ට දායාද කරනවා. මේ මරුවීම් වල කිසිදු දේශපාලනික පලිගැනීමක් සිදු වී නෑ. සේවා කාලය වසර පහට අඩු නිලධාරීන්ට මාරුවීම් අදාළ වන්නේ නෑ. මේ සම්බන්ධව පලමු චක්‍රලේකය නිකුත් කළේ, ජනවාරි 28 දිනයි. එහිදී යෝජනා රැසක් ආවා. වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කළා. නැවත  චක්‍රලේකයක් පෙබරවාරි 07 නිකුත් කළා. ලබානොදුන් දීමනා මෙම නිලධාරීන්ට ලබාදුන්නා. එය මානසික පීඩාවක් වෙන්නේ කොහොමද?“යැයි අමාත්‍යවරයා විමසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya