මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුරෝපා සංගමය පනවා ඇති සම්බාධක ඉවත් කර ගැනීමට එක් පියවරක් තබා තිබෙනවා

    පෙබරවාරි 19, 2015
    යුරෝපා සංගමය පනවා ඇති සම්බාධක ඉවත් කර ගැනීමේ එක් පියවරක් තබා තිබෙන බවත්, අනවසර විදේශීය බහුදින යාත්‍රා අපේ රටේ මුහුදු කලාපයට ඇතුළු වී මසුන් අල්ලන විට පසුගිය දේශප්‍රේමි ආණ්ඩුව නිහඩව බලාසිටියා යැයි නිවාස සහ සමෘද්ධි ඇමති සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
    ජලජ සම්පත්  (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයේ අඳහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය.
     
     
    “අපේ මත්ස්‍ය අපනයනය යුරෝපා හවුල තහනම් කර තිබෙනවා. මත්ස්‍ය අපනයනයෙන් ලබාගත් අමෙරිකානු ඩොලර් මිලියන 125ක් අහිමි වූයේ පසුගිය රජයේ අදූරදර්ශී පාලනය නිසයි. ජාත්‍යන්තර ධීවර නීති කඩන විට අපේ රට ඒ සඳහා දඩ පැනවූයේ නැහැ. මේ පිළිබඳව යුරෝපා සංගමය අනතුරු අැගෙව්වා. රජය ධීවර ඇමැතිතුමාට රාජකාරී කිරීමට ඉඩ දුන්නේ නැහැ. ශ්‍රී ලංකා ධජය යටතේ අ‍පේ මුහුදු සීමාවට පැමිණ ධීවර කට‍යුතුවල යෙදීමට පසුගිය රජය චීන නැව් අටකට ඉඩ දුන්නා. 
     
    ධීවර ඇමැතිවරයාට උඩින් අදෘශ්‍යමාන හස්තයක් ක්‍රියාත්මක වුණා. මැති ඇමැතිවරුන්ට ලබාදෙන මුදල් ද කප්පාදු කළා. විධිමත් නොවන ධීවර ක්‍රමවේදය නිසා යුරෝපා සංගමය අප රටට සම්බාධක පනවා තිබෙනවා. 
     
    එයට මුහුණදීමට අපේ රජය සූදානම්. එක්සත් ජාතීන්ගේ සංගමය ඉදිරිපත් කිරීමට සිටි මානව හිමිකම් වාර්තාව මාස හයකින් කල් දමා ගැනීමට අප සමත් වුණා.
     
    ධීවර  සම්බාධක ඉවත් කර ගැනීමේ හැකියාවද අපේ රජයට තිබෙනවා. ධීවර ජනතාවට නිවාස 30,000ක් වෙන් කරන බව මහින්ද චින්තනයෙන් පැවසුවත් ඒ සඳහා එක සතයක්වත් වෙන් කර තිබුණේ නැහැ. යුරෝපා සංගමය පනවා ඇති සම්බාධක ඉවත් කර ගැනීමේ එක් පියවරක් අද අපි තැබු බවද“ අමාත්‍යවරයා පවසා සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya