මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුරෝපා සංගමය වසර හතරක් තිස්සේ නිවැරිදි කරන්න යැයි ඉල්ලා සිටි කරුණු පසුගිය රජය සැලකිල්ලට ගත්තේ නැහැ

    පෙබරවාරි 19, 2015

    යුරෝපා සංගමය වසර හතරක් තිස්සේ නිවැරිදි කරන්නැයි ඉල්ලා සිටි කරුණු පසුගිය රජය සැලකිල්ලට නොගත් නිසා ධීවර කර්මාන්තය මඟින් මෙරටට ලැබුණු විශාල මුදලක් අද අපට අහිමි වී තිබෙනවා යැයි  ධීවර හා ජලජ සම්පත්  (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය ආරම්භ කරමින් කතා කළ ධීවර හා ජලජ සම්පත් ඇමැති ජෝශප් මයිකල් පෙරේරා මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    “අපේ මාළු මිලදී නොගැනීමට යුරෝපා සංගමය අවසානයේ දී තීරණය කළා. එය බැඳී ඇති ගිවිසුම් සමඟ ධීවර කර්මාන්තය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය ක්‍රියා මාර්ග සිදු කිරීමට පියවර ගන්නවා. ඇල්ලූ මාළු පිළිබඳව වාර්තා තබා ගන්නා ලෙස ඔවුන් අපේ රටෙන් ඉල්ලා සිටියා. එය මේ සංශෝධන පනතින් සිදු වෙනවා. ඒ සඳහා විශාල මුදලක් වැය කර වී.එම්.එස්.යන්ත්‍ර අප නොමිලේ ධීවර බෝට්ටුවලට සවි කරනවා. ධීවර බෝට්ටු 1600ක් තිබෙනවා. අපේ මසුන් යුරෝපා සංගමයේ වෙළෙඳ පොලට විකිණීමේ අවස්ථාව මේ සමග උදා වෙනවා“ යැයි අමාත්‍යවරයා එහිදී පැවසීය.
     
    තවදුරටත් අඳහස් දැක් වූ අමාත්‍යවරයා,
     
    “දැනටමත් මේ සඳහා විශාල මුදලක් වැය කළා. එක් යන්ත්‍රයකට රුපියල් ලක්ෂ හතරක් වැය වෙනවා. ධීවරයින්ට තවත් සහන ලබා දීමට කටයුතු කරනවා.
    එන්ජින්, දැල් සහ අධික බදු ඉවත් කිරීම දින සියය තුළ සිදු කරනවා. ධීවරයින් රජයෙන් ලොකු සහන ඉල්ලන්නේ නැහැ. ඉන්ධන මිල වැඩි වූ අවස්ථාවේදී සහන ඉල්ලා සිටි ධීවරයින්ට හිටපු රජය පිළිතුරු දුන්නේ වෙඩි තුවක්කුවෙන්.
     
    පසුගිය රජය සහන දීමට පොරොන්දු වූවත් සල්ලි නොමැති නිසා එය ඉ‍ටු වුණේ නැහැ. තෙල් ගන්නා මිලටම ලබා දෙන්නැයි ධීවරයින් ඉල්ලුවා. අප එය දින සියය යටතේ  ඉ‍ටු කළා. ධීවරයින්ට සහන ලැබීම රටේ ආර්ථිකයට වාසියක් ලැබෙනවා. ජී.එස්.පී සහන ලබා‍ ගෙන අප නිසියාකාරව වැඩ කළහොත් රැකියා ලක්ෂ දහයක් මෙරටට ගෙන ඒමට හැකි වෙනවා. දින සියයට බොරු පොරොන්දු ඇතුළත් කර නැහැ. ඉන්ධන සහන ලැබී ධීවරයින් අද සතුටින් සිටිනවා“
    යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya