මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකන් ගුවන් ආයතනය සහ මිහින් ලංකා ගුවන් ආයතනය ඒකාබද්ධ කිරීමට සැලසුමක් - නාවික හා ගුවන් සේවා අමාත්‍ය

    පෙබරවාරි 18, 2015
    ශ්‍රී ලංකන් ගුවන් ආයතනය සහ මිහින් ලංකා ගුවන් ආයතනය ඒකාබද්ධ කරලා ඉදිරියට ගෙන යාමට සැලසුමක් සකස් කරලා තිබෙන බවත් එය කෙසේ කළ යුතු ද යන්න ඉදිරි කාලයේ දී තීරණයක් ගන්නවා යැයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
     
    අද (18) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මතු කළ අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.
     
     
    “මෙරට සාමාන්‍ය ජනතාවට අසීමිත බදු බර පටවා, ඉන් එක් රැස් කරගන්නා මුදල්, මිහින් ලංකා ආයතනයට පොම්ප කර තිබෙනවා. එම ආයතනය කෝටි ගණන් මුදල් පාඩු කර තිබෙනවා“ යැයි අතුරු ප්‍රශ්නයක් අසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසී ය.
     
     
    “මීට පෙර සිදු කළ දේ හොඳ ද වැරදි ද කියන එක නොවේ, මෙය ඉදිරියට ගෙන යන්නේ කෙසේ ද යන්නයි අපි සොයා බලන්නේ, මේ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන්නට කමිටුවක් පත් කළා. අපිට අවශ්‍ය මේ අායතන එකතු කරලා ලාභ ලබන ආයතන ලෙස ඉදිරියට ගෙන යාමට“ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya