මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති බුද්ධගයාව සහ මහබෝධි විහාරය වැද පුදා ගනී

    පෙබරවාරි 19, 2015

    ඉන්දියාවේ නිල සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (17) පස්වරුවේ බුද්ධගයාව වැද පුදාගත්තේය.

    මහබෝධී විහාරයේ විහාරාධිපති පැල්වත්තේ සීවලී හිමිපාණන් වහන්සේ සහ දායක පිරිස ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස පිළිගත්හ.

     

    බුදුන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වු බුද්ධගයාව වන්දනාමාන කළ ජනාධිපතිතුමා මහබෝධි විහාර පරිශ්‍රයේ පිහිටි අනගාරික ධර්මපාල පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය.

     

    මහබෝධි විහාරයේ විහාරාධිපති පැල්වත්තේ සීවලී හිමිපාණන් වහන්සේ විසින් ජනාධිපතිතුමා වෙත අශෝක ස්ථම්භයේ ආකෘතියක් සහිත සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.

     

    එම අවස්ථාවේ දී ජනාධිපතිතුමා මහබෝධි විහාරය වෙත පැමිණ සිටි බැතුමතුන් සමග සුහද කථා බහක නිරත විය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya