මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රමිති‍යෙන් තොර ඉන්ධන ගෙන ඒම නිසා සංස්ථාවට රු. කෝටි හතරක අලාභයක් - විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති

    පෙබරවාරි 18, 2015
    ප්‍රමිති‍යෙන් තොර ඉන්ධන ගෙන ඒම නිසා රුපියල් කෝටි හතරක මුදලක් ‍ඛනිජ තෙල් සංස්ථාවට අලාභ වී ඇති බවත්, මෙම බාල ‍ඉන්ධන ආනයනය කිරීම සම්බන්ධයෙන් අදාළ ආයතනයෙන් වන්දි ගැනීමට ගිවිසුමේ ප්‍රමාණවත් කොන්දේසි නැතැයි විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති පාලිත රංග බණ්ඩාර මහතා පාරිලිමේන්තුවේ දී අද (18) පැවසී ය.
     
    බාල ඉන්ධන ගෙන්වූ ආයතන සමඟ පසුගිය ආණ්ඩුව ‍නිවැරැදිව ගිවිසුම්ගත නොවී ඇති බව පෙන්වාදුන් ඇමැතිවරයා, ටෙන්ඩරය වසරින් වසර දිගු කර ඇති බවද හෙළි කළේය.
     
    එම තත්ත්වය යටතේ ‍බාල ඉන්ධන ගෙන්වූ ආයතනයෙන් වන්දි ලබා ගැනීමට ප්‍රමාණවත් කොන්දේසි නොමැති බවත් එම ගිවිසුම් 2015 වසර අවසානය වනතෙක් ක්‍රියාත්මක බවත් අමාත්‍ය රංග බණ්ඩාර මහතා අනාවරණය කළේය.
     
    පත්කළ මන්ත්‍රී (ප්‍රජාස) අනුර කුමාර දිසානයක මහතා වාචික පිළිතුරු අපෙක්ෂාවෙන් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් එසේ කී ඇමැතිවරයා පසුගිය 13 වැනිදා ප්‍රතික්ෂේප කළ ඉන්ධන ප්‍රමාණය නිසා රුපියල් කෝටි 4ක මුදල් පාඩු සිදුවී ඇතැයිද කීවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya