මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ ප්‍රචාරක පුවරු, දැන්වීම් වෙනුවෙන් සිදු කරන අනවශ්‍ය වියදම් නතරකරනවා - නිවාස හා සමෘද්ධි අමාත්‍ය

    පෙබරවාරි 18, 2015

    රජයේ ප්‍රචාරක පුවරු, දැන්වීම් වෙනුවෙන් සිදු කරන අනවශ්‍ය වියදම් නතරකරන බවත්  ජනතාවට නිවාස තනා දීමට ඇති මුදල් සතපහක්වත් මේ සඳහා යොදා නොගන්නා බවත් නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (18) පාර්ලිමේන්තුවේ දී වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසී ය. වාචික ප්‍රශ්නය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා යොමුකොට තිබුණි.
     
    “ජනතාවට විශාල ලෙස නිවාස තනාදීමට තිබූ විශාල මුදලක් නාස්ති වී තිබෙනවා. පසුගිය රජය කාලයේ රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවෙන් වාහන 33ක් කුලියට අරන් තිබුණා. නිවාස සංවර්ධන අධිකාරියෙන් වාහන 15ක් කුලියට අරන් තිබුණා. මේවා යොදාගෙන තිබුණේ තමන්ගේ දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගන්නට“ යැයි ද අමාත්‍යවරයා එම අවස්ථාවේ දී පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya