මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව සොයා බලන කමිටුවේ වාර්තාව අනුව තීරණය ගන්නවා - අගමැති රනිල් වික්‍රමසිංහ

    පෙබරවාරි 18, 2015

    වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන සියලු ගිවිසුම් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට කටයුතු කරන බවත් එම ගිවිසුම් වල වංචා හා දූෂණ සිදු වී ඇත්නම්, රටට හානිකර ගිවිසුම් ඇතුළත් වී තිබේ නම් ඊට නිසි පියවර ගන්න බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අග්‍රාමාත්‍යවරයා අද (18) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා 23 (2) යටතේ සිදු කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමිනි.
     
    "වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අනුගමනය කළ ක්‍රියා නෛත්‍රික හා සදාචාරාත්මක නොවන බවට පෙනී ගියා. විනිවිදභාවයකින් තොරව, කැබිනට් අනුමැතියකින් තොරව  හා නිසි පාරිසරික වාර්තාවක් ලබා ගෙන නොතිබූ බවට නැගූ චෝදනාවලට නිසි පිළිතුරු ලබුණේ නැහැ.
     
    ආණ්ඩු බලය ලබාගැනීමෙන් පසුව මේ සියල්ල ගැන සොයා බැලුවා. ඒ අවස්ථාවේ දී පෙනී ගියා මේ ගනුදෙනුවේ බරපතලකම. එය සැක සංකාවන්ට හේතු වුණා.
     
    වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව සොයා බලන්නට විශේෂඥ කමිටුවකට කතා කළා. එය තවදුරටත් සොයා බැලීම සඳහා මාගේ සභාපතීත්වයෙන් කැබිනට් අනුකාරක සභාවක් පත් කලා. මෙම කමිටු ඉතාමත් ගැඹුරින් හා සැලකිල්ලෙන් කරුණු ගවේශණය කරනවා. ජනතාවගේ පැමිණිලි හා පාරිසරික සංවිධාන ගණනාවක් මේ ව්‍යාපෘතියට දක්වා ඇති අදහස් සැලකිල්ලට ගන්නවා.
     
    විශේෂඥ කමිටු වාර්තාව සහ ඒ පරීක්ෂණයේ දී හෙළිදරව්වන කරුණු අනුව අවසන් තීරණය ගන්නවා. ඒ පිළිබඳව සභාව දැනුවත් කරනවා.“ යැයි අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya