මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාෂ්ට්‍රපති භවන්හි දී ජනපතිට ඉහළ පිළිගැනීමක්

    පෙබරවාරි 17, 2015
    ඉන්දියාවේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු ශ්‍රී ලාංකික දූත පිරිස පිළිගැනීම වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ උත්සවයක් ඉන්දීය ජනාධිපති මන්දිරය වන රාෂ්ට්‍රපති භවන්හිදි ඊයේ (16) පෙරවරුවේ පැවැත්විණි.
     
    රාෂ්ට්‍රපති භවන් වෙත ගිය ජනාධිපතිතුමා ඇතුළු ශ්‍රී ලාංකික දූත පිරිස ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මැතිතුමා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත්තේය.
     
    හමුදා උත්තමාචාර සහ ආචාර වෙඩිමුර සහිතව ඉතා අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම සිදු විය. අනතුරුව ඉන්දීය ජනාධිපතිතුමා සහ ශ්‍රී ලංකා ජනාධිපතිතුමා අතර සුහද හමුවක් ද පැවැත්විණි. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya