මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියාවේ දී ජනපතිට උණුසුම් පිළිගැනීමක්

    පෙබරවාරි 15, 2015
    ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ආරාධනය පරිදි  සිව්දින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද ප.ව 5.00 ට පමණ ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්ධිරා ගාන්ධි  ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළගා විය.
     
    ඉන්දීය රජය වෙනුවෙන් එරට නාවුක, මහාමාර්ග හා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය පී. රාධාක්‍රිෂ්නන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහා යන මහත්වරුන් ඇතුළු විශේෂ දූත පිරිසක් විසින් එහිදී ජනාධිපතිතුමාව මහත් හරසරින් යුතුව පිළිගත්හ.
     
    ජනාධිපති ආර්යා ජයන්ති සිරිසේන, අමාත්‍යවරුන් වන මංගල සමරවීර, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, ඩී.එම්. ස්වාමිනාදන් යන මහත්වරුන් ද, නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් යන මහත්වරුන් ද, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සුදර්ශන සෙනෙවිරත්න මහත්වරුන් ද එම අවස්ථාවට එක්ව සිටියේය.
     
    DB
     
    ඡායාරූප  -  සුදත් සිල්වා
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya