මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිව්දින ඉන්දියානු රාජ්‍ය සංචාරය අරඹමින් ජනපති දිවයිනෙන් පිටත්ව යයි

    පෙබරවාරි 15, 2015
    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ආරාධනය පරිදි ඉන්දියාවේ සිව්දින රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද (15) දහවල් දිවයිනෙන් පිටත්ව ගියේය.
     
    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිත්‍ය කාලසටහනට අයත් UL 195 මගී ගුවන් යානයෙන් ජනාධිපතිතුමා ඉන්දියාව බලා පිටත් ව යාම විශේෂත්වයකි.
     
    විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර (ඉන්දියාවේදී එකතු වනු ඇත), අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, ඩී.එම්. ස්වාමිනාදන් යන මහත්වරුන් ද නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් යන මහත්වරුන් ද ජනාධිපතිතුමා සමඟ මෙම සංචාරයට එක්ව සිටිති.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya