මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ඉන්දීය නිල සංචාරය අරඹයි

    පෙබරවාරි 15, 2015
    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ආරාධනාවක් මත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (15) සිය නිල මංගල සංචාරය වන ඉන්දීය නිල සංචාරය සඳහා දිවයිනෙන් පිටත් ව යාමට නියමිතය.
     
    අද සිට 18දා දක්වා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉන්දීය සංචාරයේ නිරත වෙයි. 
     
    මෙම චාරිකාවේ දී ජනාධිපතිතුමා ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මැතිතුමා හමුවීමට නියමිත අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය. මීට අමතරව ජනාධිපතිතුමා දේශපාලන පක්ෂ නායකයන් හා අනෙකුත් ප්‍රභූන් ද මුණ ගැසීමට නියමිතය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බුද්ධගයා විහාරස්ථානයේ සහ තිරුපති කෝවිලේ ආගමික වතාවත් සඳහා ද සහභාගි වනු ඇත.
     
    මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු නිරත වන පළමු විදෙස් සංචාරය මෙය වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya