මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති පිළිගන්නට ඉන්දියාව අභිමානවත්ව සැරසේ

    පෙබරවාරි 14, 2015
    ඉන්දියාවේ නිල සංචාරයක නිරතවන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රමුඛ ශ්‍රී ලාංකීක දූත පිරිස පිළිගන්නට ඉන්දියානු රජයත්, ජනතාවත් මහත් සතුටින් බලා සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා පැවසීය.
     
    ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිතුමා මහත් හරසරින් පිළිගන්නට සියලු කටයුතු මේ වන විට සූදානම් කර අවසන් බවද පැවසූ ඉන්දීය අග්‍රාමාත්‍යතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඉන්දීය නිල සංචාරය ඉන්දු - ශ්‍රී ලංකා සබඳතාවල නව ප්‍රවේශයක් වනු ඇති බවද සඳහන් කළේය.
     
    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා ඊයේ (13) ජනාධිපතිතුමා සමඟ දුරකථන සංවාදයක නිරත වෙමින් මේ බව ප්‍රකාශ කොට ඇත.
     
    ඉදිරියේ දී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තම සුභාශිංසන පළ කිරීමට ද අමතක නොකළ ඉන්දීය අග්‍රාමාත්‍යතුමා 1996 වසරේ දී මෙන් ම ලෝක කුසලානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හැකිවේවායි ද සුබ පැතීය.
     
    එමෙන්ම ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය සුබ පැතුම් පිරිනැමීය.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ආරාධනාවක් මත හෙට (15) සිට 18දා දක්වා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වෙයි. 
     
    මෙම චාරිකාවේ දී ජනාධිපතිතුමා ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මැතිතුමා හමුවීමට නියමිත අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පවත්වනු ඇත.
     
    මීට අමතරව ජනාධිපතිතුමා දේශපාලන පක්ෂ නායකයන් හා අනෙකුත් ප්‍රභූන් ද මුණ ගැසීමට නියමිතය.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බුද්ධගයා විහාරස්ථානයේ සහ තිරුපති කෝවිලේ ආගමික වතාවත් සඳහා ද සහභාගී වනු ඇත.
     
    මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු නිරත වන පළමු විදෙස් සංචාරය මෙයයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya