මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපතිගේ ඉන්දීය සංචාරයේදී ගිවිසුම් රැසකට අත්සන් තබයි

    පෙබරවාරි 14, 2015

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පෙබරවාරි මස මැද භාගයේදී ඉන්දියාවේ සිදු කිරීමට නියමිත නිල සංචාරය අතරතුරදී ද්විපාර්ශවික සහයෝගිතාව සඳහා ගිවිසුම් රැසකට අත්සන් තැබීමට නියමිතය.

    ඒ අනුව ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අන්‍යොන්‍ය සහයෝගිතාව ශක්තිමත් කිරීමේ අරමුණින් ඉන්දීය ජනරජයේ අධ්‍යාපන අමාත්‍යාංශය හා මෙරට මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය අතර නාලන්දා විශ්වවිද්‍යාලය පිහිටුවීම පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතය. තව ද කෘෂිකාර්මික සහයෝගිතාව සඳහා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින අවබෝධතා ගිවිසුමෙන් එකඟ වී ඇති පරිදි දෙපාර්ශවයේ එකඟතාව මත සහයෝගීතාව ප්‍රවර්ධනය පිණිස ද්විවාර්ෂික ක්‍රියාකාරී සැලැස්මක් අත්සන් කොට ක්‍රියාවට නැංවීමටත් කටයුතු කරනු ඇත.

     

    මෙරට මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට ගැනෙන විවිධ ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් ඉන්දියාවේ අදාළ ආයතන සමඟ සාකච්ඡා කොට එකඟතාවට පැමිණෙන අතර මාර්තු මස දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා මෙහි ඒමට නියමිත බැවින් ඇතැම් ගිවිසුම් ලංකාවේ අත්සන් කිරීමටත් නියමිතව ඇත.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya