මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට තුළ නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමේදී ප‍්‍රශස්තිවලට වඩා විවේචන, අදහස් හා යෝජනා අපේක්ෂා කරනවා - ජනපති

    පෙබරවාරි 13, 2015

    රට තුළ නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම ඉතා අපහසු කාර්යයක් වූවත් මහජනතාවට දුන් ප‍්‍රතිඥා ඉටුකරමින් එය කළ යුතු ම කාර්යයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.


    එහිදී ප‍්‍රශස්තිවලට වඩා විවේචන, අදහස් හා යෝජනා තමන් අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

    ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සංගමයේ නියෝජිතයන්, බහුජන සංවිධාන, වෘත්තීය සමිති හා සමාජ කි‍්‍රයාකාරී කමිටු නියෝජිතයින් සමඟ ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ හමුවකට එක්වෙමිනි.

    තම සංවිධාන සහ පොදු මහජනතාව මුහුණදී සිටින ගැටලු පිළිබඳ මෙහිදී පැමිණ සිටි නියෝජිතයින් ජනාධිපතිතුමා දැනුවත් කළ අතර ඉදිරිපත් කෙරුණු සියලු ගැටලු පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිතුමා ඉදිරියේදී ඒවාට විසඳුම් ලබාදෙන බව පැවසීය.

    නව රජය අතුරු අයවැය තුළින් පාරිභෝගික ජනතාවට ලබා දුන් සහන ඔවුන් වෙත නිසියාකාරව නොලැබෙන බවත් ඒ සඳහා අදාළ අංශ දැනුවත් කර නිසි වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් මෙහිදී එම නියෝජිතයින් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.

    නව රජයක් බලයට පත්වූවත් ඇතැම් නිලධාරීන්ගේ වෙනස්වීමක් සිදු ව නොතිබීම මෙවන් තත්ත්වයකට හේතු වී ඇති බව ඔවුන් පෙන්වා දුන් අතර ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙස ද ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.

    දේශපාලඥයන් පමණක් නොව ඇතැම් නිලධාරීන්ද වංචා හා දූෂණවලට සම්බන්ධ බැවින් ඔවුන්ට ද එරෙහි ව නීතිය කි‍්‍රයාත්මක කළ යුතු බව වෘත්තීය සමිති නියෝජිතයෝ මෙහිදී කියා සිටියහ.

    පසුගිය රජය යටතේ දේශපාලනීකරණයට ලක්වූ විශ්වවිද්‍යාල පද්ධතිය ඉන් නිදහස් කර ගනිමින් ජාතික සංවර්ධනයට අදාළ පර්යේෂණ කටයුතු සඳහා එහි සහය ලබාගැනීමේ හැකියාවද මෙහිදී අවධානයට ලක් කෙරිණි.

    පැමිණ සිටි බහුජන සංවිධාන, වෘත්තීය සමිති හා සමාජ කි‍්‍රයාකාරී කමිටු නියෝජිතයින් සියලුදෙනාට ඉදිරියේදී තමන් පුද්ගලිකව හමුවිමට අවස්ථාව තිබෙන බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා සියලු ගැටලු සහ අදාළ යෝජනා ලිඛිතව තමා වෙත ඉදිරිපත් කරන ලෙසද ඉල්ලීමක් කළේය.

     

    piru/PR

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya