මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ව්‍යවස්ථා සංශෝධනය කිරීමට ප්‍රධාන පක්ෂ දෙකේ සම්මුතිය අවශ්‍යයි. - පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ

    පෙබරවාරි 10, 2015

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ප්‍රධාන පක්ෂ දෙකේ සම්මුතිය අවශ්‍යයි. ඉතාම ස්වාධීනව, මධ්‍යස්තථව සිටිමින් අපේ රටේ අභිමානය රැකෙන පරිදි ස්ථාවර නීති ක්‍රමයක්, ස්ථාවර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රට සතු කිරීම අපේ ප්‍රමුඛ වගකීමක්  බව ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

     

    පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අද  (10) පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළේ සභාව කල්තබන අවස්ථාවේ විපක්ෂය ගෙන ආ යෝජනාවේ  අඳහස් දක්වමිනි.

     

    පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව සිදු වුවායැයි කියන පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා  සම්බන්ධයෙන්  සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව   විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා  විසින්  ඉදිරිපත් කළේ ය.

     

    “ධන බලය,  රාජ්‍ය බලය පරදා ස්වාධීන ජනතා බලවේග දේශපාලන ජයග්‍රහනය ලබාගත්තා. ලංකා සමාජයේ මිනිසුන් බොහොම ඉදිරියෙන් සිටින්නේ. ලක්ෂ විස්සක් පමණ මධ්‍යස්ථ ජනතාවක් මැතිවරණය ඉදිරියට ගෙන ආවා.

     

    රටේ ජනාධිපතිවරයා වී සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයයි. ඒ නිසා පක්ෂ දෙකේ අන්තර් සබදතාවක් සඳහා ඓතිහාසික අවස්ථාවකට පැමිණ තිබෙනවා.මේ පක්ෂ දෙකේ එකඟතාව නොමැතිව, සම්මුතියක් නොමැතිව මේ රටේ ව්‍යවස්ථා සංශෝධනයක් කරන්නට බෑ.ඡන්ද ක්‍රමය වෙනස් කිරීම, අධිකරණයේ ස්වාධීනත්වය, විධායක ජනාධිපති ධුරයේ බලතල සංශෝධනය කිරීමයන විද්වත් සාකච්ඡා ඉදිරි කාලයේ කරන්නට තිබෙනවා.

     

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සන්ධානයේ සමගාමී පක්ෂ හා එක්සත් ජාතික පක්ෂයටත් සුවිශේෂී වගකීමක් පැවරී තිබෙනවා.ඉතාම ස්වාධීනව, මධ්‍යස්ථව සිටිමින් අපේ රටේ අභිමානය රැකෙන පරිදි ස්ථාවර නීති ක්‍රමයක් ස්ථාවර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රට සතු කිරීම අපේ ප්‍රමුඛ වගකීමක් වෙනවා.

     

    දන් අප සිටින්නේ ජාතික ආණ්ඩුවකයිදැන් තිබෙන තත්ත්වය අනුව ප්‍රධාන පක්ෂ දෙකටම සරළ බහුතරයක් ගන්නට ලෙහෙසි නෑ. අග්‍රාමාත්‍යතුමාවගේම ජනාධිපතිතුමා විශාල කැප කිරීමක් කර තිබෙනවාමෙම කැපකිරීම් එකාබද්ධ කරලා,මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසි පරිදි සංශෝධනය කරලාව්‍යවස්ථා අවුලෙන් මේ රට නිදහස් කර ගැනීමට අප කැප විය යුතුයි. “ යැයි ද අතුරලියේ රතන හිමියෝ පවසුවේය.

     

    PR

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya