මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නෙළුම් පොකුණ මාවත යළි ආනන්ද කුමාරස්වාමි මාවත ලෙස ජනපති නම් කරයි

    පෙබරවාරි 10, 2015
    කොළඹ 07, නෙළුම් පොකුණ රඟහල අසල "නෙළුම් පොකුණ මාවත" යළි "ආනන්ද කුමාරස්වාමි" මාවත ලෙස නම් කිරීම අද (10) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
     
    නෙළුම් පොකුණ රඟහල ඉදිකිරීමත් සමඟ පැවැති රජය විසින් ආනන්ද කුමාරස්වාමි මාවත නෙළුම් පොකුණ මාවත යනුවෙන් නම් කරනු ලැබුවේය.
     
    1877 අගෝස්තු 22 උපත ලද ආනන්ද කුමාරස්වාමි මහතා ආසියාවේ පහල වු ශ්‍රේෂ්ඨතම ඉතිහාසඥයකු මෙන් ම දාර්ශනිකයෙකු ද ශී‍්‍ර ලංකාවට ඉමහත් කීර්තියක් ගෙන දුන් විද්වතෙකි.
     
    එතුමා විසින් රචිත පැරණි කලාව, ගෘහ නිර්මාණ ශිල්පය ගැන ලියැවුණු මධ්‍යකාලීන සිංහල කලා කෘතිය හා උඩරට රදළ ප‍්‍රධානීන් අමතා ලියන ලද ලිපිය සම්ප‍්‍රදායික කලා උරුමය පිළිබඳ ලෙන්ගතු හැඳින්වීමක් කළ ලියවිල්ලකි.
     
    ආසියාවේ කලා සහ සංස්කෘතිය පිළිබඳ ලොව පිළිගත් ශ්‍රේෂ්ඨත ම විශාරදයකු වු ආනන්ද කුමාරස්වාමි වෙනුවෙන් මෙම මාර්ගය එකළ නම් කළේ ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධානතම කලායතන වන ජෝන්ද සිල්වා සමරු රඟහල හා කලාභවනය පිහිටි ප‍්‍රදේශය නිසාය.
     
    විද්වතුන්, බහුජන සංවිධාන කලාකරුවන් ඇතුළු බොහෝ පිරිසකගේ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් එම මාවත නැවත වරක් ආනන්ද කුමාරස්වාමි මාවත ලෙස නම් කිරීමට වත්මන් රජය තීරණය කර ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya