මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

    පෙබරවාරි 10, 2015

    දුම්කොළ නිෂ්පාදන අඩංගු සෑම ඇසුරුමක  ඉදිරිපස සහ පිටුපස දෙපැත්තේම ඉහළ මතුපිට   සෞඛ්‍ය අවවාදය සියයට අසූවක ප්‍රතිශතයකින් යුතුව  පැහැදිළිව මුද්‍රණය කර ප්‍රදර්ශනය කිරීමට ඉඩ සලස්වන 2006 අංක 27 දරන දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ අධිකාරිය පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පත  සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අඟහරුවාදා (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    ජාතියේ හිතසුව පිණිස වහා අවශ්‍ය යැයි අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරනු ලබූ මෙම පනත් කෙටුම්පත හදිසි පනතක් ලෙස සම්මත කිරීම සඳහා ජනධිපතිතුමා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරනු ලබීය. එකී පනත් කෙටුම්පත හෝ එහි විධිවිධාන කිසිවක් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට අණනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කතානායක වෙත දැනුම් දී ඇතැයි නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා සභාවට දැනුම් දුන්නේ ය.

         

    සිගරට් හ වෙනත් දුම්කොළ නිෂ්පාදන නිෂ්පාදකයකු හෝ ආනයනකරුවකු, විසින් නිෂ්පාදනය කරනු ලබන හෝ ආනයනය කරනු ලබන සිගරට් හෝ වෙනත් දුම්කොළ නිෂ්පාදන අඩංගු සෑම පකැට්ටුවකම, ඇසුරුමක හෝ කාඩ්බෝඩ් පෙට්ටියක ම ඉදිරිපස සහ පිටුපස දෙපැත්තේම ඉහළ මතුපිට  සියයට අසූවක ප්‍රතිශතයකින් යුතුව  සෞඛ්‍ය අවවාදය පැහැදිළිව මුද්‍රණය කර ප්‍රදර්ශනය කිරීමට සැලැස්විය යුතු බවට  දුම්කොළ හ මධ්‍යසාර පිළිබඳ අධිකාරිය (සංශේධන ) පනත් කෙටුම්පතේ සඳහන් කර තිබේ.

     

    දැනට වලංඟු නීතිය අනුව 2015 ජනවාරි 01 සිට මෙම රූපමය අවවාද සිගරට් දවටනයේ සියයට 60ක් ආවරණය වන පරිදි රූපමය අවවාද මුද්‍රණය කරනු ලබයි. රජයේ මෙම අවවාදය සියයට 80 ප්‍රමාණයෙන් මුද්‍රණය කිරීමට මීට පෙර තීරණය කළ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මත එම රූපමය අවවාද මුද්‍රණය කිරීම සියයට 60 දක්වා අඩු කරන ලදී. මෙය නැවත සියයට 80 දක්වා වැඩි කිරීමට නීති ගෙන එන බවට ජනාධිපතිතුමන් මැතිවරණ කාලයේ දී ප්‍රකාශ කර තිබිණි.  

     

    PR

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya