මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එදා ජනාධිපතිවරණ වේදිකාවලට පහරදුන් අය අද මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ගැන කතා කරනවා - නිවාස හා සමෘද්ධි අමාත්‍ය

    පෙබරවාරි 10, 2015

    එදා පැල්මඩුල්ලේ ජනාධිපතිවරණ වේදිකාවට පහරදුන් අය,පොළොන්නරුවේ මැතිවරණ වේදිකාවලට පහරදුන් අය අද මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ගැන කතා කරනවා යැයි නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.


    අමාත්‍යවරයා අද  (10) පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළේ විපක්ෂය ගෙන ආ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයට අඳහස් දක්වමිනි.


    පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව සිදු වූවායැයි කියන පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන්  සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව අද (10) පාර්ලිමේන්තුවට  විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා  විසින් ඉදිරිපත් කළේ ය.


    ශ්‍රී ලංකා නිදහස් පාක්ෂයේ සාමාජිකයන්ට හා දේශපාලඥයින්ට විවිධ හිරිහැර,පහර දීම්,දේපළ හානි ,අත් අඩංගුවට ගැනීම් සිදු වී ඇතැයි විපක්ෂ නායකවරයා සිය සභාව කල්තැබීමේ විවාදයේ දී සඳහන් කළේ ය.


    “එදා මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට තංගල්ලේ මැතිවරණ රැස්වීමක් කරන්න දුන්නේ නෑ. වළස්මුල්ලේ, රැස්වීම් කරන්න දුන්නේ නෑ. රැස්වීම්වලට එන බස්වලට ඇණ තිබ්බා.

     

    මේ රටේ මහජන සම්පත් අමු අමුවේ  සොරා ගත්තා. මින් ඉදිරියට සමෘද්ධිලාභීන් සී.ටී.බී. බස්වල ගෙනි යන්න බෑ. පසුගිය කාලයේ සිදු වූ විනාශය සොයා බලන්න. අද හොඳ ආරම්භයක් ලබාදී තිබෙනවා.


    ජනතා අධිකරණය ඉදිරියට ගොස්  අලුත් ජනවරමක් ලබාගන්නට කැමතියි. අපි යහපාලනයේ හොඳ ආරම්භයක් ලබාගෙන තිබෙනවා යැයි“ ද නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

     

    PR

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya