මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකාව ලෝකයේ විශිෂ්ට අධ්‍යාපන සැලසුම් කි‍්‍රයාත්මක වන රටක් බවට පත්කරනවා - ජනපති

    පෙබරවාරි 10, 2015
    අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සිදු කළ යුතු සියලු වෙනස්කම් සහ පරිවර්තනයන් නිසි ලෙස සිදු කරමින් ලෝකයේ විශිෂ්ට අධ්‍යාපන සැලැස්මක් කි‍්‍රයාත්මක වන රටක් බවට අපේ රට පත්කරන බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා පැවසීය.
     
    රටේ සියලු දරුවන් තම දරුවන් ලෙස සළකා දරුවන් වෙනුවෙන් ඉටු කළ යුතු සියලු යුතුකම් ඉටුකිරීමට කැපවී කටයුතු කරන බව ද පැවසූ ජනාධිපතිතුමා අධ්‍යාපනයෙන් ඉතා පහළ මට්ටමක පවතින උතුරු මැද පළාතේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමට තම පූර්ණ සහෝයගය ලබා දෙන බව ද පැවසීය.
     
    ජනාධිපතිතුමා මේ බව පැවසුවේ පොලොන්නරුව රාජකීය විද්‍යාලයට වසර 50ක් පිරිම නිමිත්තෙන් ඊයේ (09) පෙරවරුවේ එම විද්‍යාලයේ පැවති උත්සවයට එක්වෙමිනි.
     
    විද්‍යාලයේ නව තාක්ෂණ පීඨය ද අද ජනාධිපතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි.
     
    කටුක සහ අභියෝගාත්මක අත්දැකීම රැසක් සමඟ මේ රටේ ජනතාව රට ගොඩනැඟීමේ වගකීම තමා වෙත භාර කළ බව ද පැවසූ ජනාධිපතිතුමා එම අභියෝගය නිසි ලෙස භාරගනිමින් ආණ්ඩුවක් ලෙස ඉටුකළයුතු බොහෝ වෙනස්කම් සහ පරිවර්තනයන් සඳහා රජය මේ වන විටත් ප‍්‍රවේශ වී තිබෙන බව ද සඳහන් කළේය.
     
     
    එදා පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ කීර්තිමත් ම ශිෂ්‍යා වීමට තමාට හැකිවූයේ අභියෝග ජය ගැනීමට තමා තුළ තිබු දැඩි අධිෂ්ඨානය සහ විශ්වාසය නිසා බව සිහිපත් කළ ජනාධිපතිතුමා අභියෝග, අවදානම් භාර ගනිමින් ජීවිතයේ පැමිණෙන ගැටලුවලට ශක්තිමත්ව මුහුණදීමට කුඩා කළ සිට දරුවන් පුරුදු පුහුණු කළ යුතු බව ද කියා සිටියේය.
     
    අසත්‍ය කිසිදා ජය නොගන්නා බවත් පසුගිය ජනාධිපතිවරණයේ දී අසත්‍ය යටපත් කර මේ රටේ ජනතාව රට වෙනුවෙන් නිවරැදි තීන්දුවක් ගත් බවත් ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා චරිත ඝාතනවලින්, මඩ ප‍්‍රහාරවලින් මේ රටේ ජනතාව මුලාකිරීමට කිසිවෙකුට නොහැකිවූ බව ද පැවසීය.
     
    පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු ලෙස විද්‍යාලය මෙතෙක් පැමිණ ඇති ගමන් මඟ පිළිබඳ ව සතුට පළ කළ ජනාධිපතිතුමා 50වසරක ඉතිහාසය තුළ බාධා මැඩගෙන කීර්තිය කරා ගමන් කළ විද්‍යාලයට එතුමාගේ සුභාශිසංන ද පිරිනැමීය.
     
    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන සිරිපාල ගම්ලත්, චන්ද්‍රසිරි සූරියආරච්චි යන මහත්වරුන් ද දෙමාපියන්, ආදි සිසුන්, ප‍්‍රදේශවාසින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya