මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුව රාජකීය විද්‍යාලයට වසර 50ක් පිරීමේ උත්සවය ජනපති ප‍්‍රදානත්වයෙන්

    පෙබරවාරි 09, 2015
    පොලොන්නරුව රාජකීය විද්‍යාලයට වසර 50ක්  පිරීමේ උත්සවය සහ විද්‍යාලයේ නව තාක්ෂණ පීඨය සිසු අයිතියට පවරාදීම අද (09) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රදානත්වයෙන් පැවැත්විණි.
     
    විද්‍යාපීඨය සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරතවෙමින් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ විමසා බැලීය.
     
    විද්‍යාලයට වසර 50ක් පිරීම නිමිත්තෙන් විද්‍යාල පරිශ‍්‍රයේ රුක්රෝපණය කිරීමක්ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    විද්‍යාලයේ විදුහල්පති අයි.කේ.කේ. රවිලාල් විජේවංශ මහතා විසින් ජනාධිපතිතුමා වෙත උපහාර තිළිණයක් පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.
     
    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන සිරිපාල ගම්ලත්, චන්ද්‍රසිරි සූරියආරච්චි යන මහත්වරු, දෙමාපියෝ ආදි සිසුහු,  ප‍්‍රදේශවාසීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
     
    NDH/pmu_pix by Sudath Silva

    09

    13

    15

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya