මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමෘද්ධි සහනාධාරය නිර්දේශපාලනය කරනවා

    පෙබරවාරි 07, 2015

    සමෘද්ධි ප්‍රතිලාභ හිමි, සමෘද්ධිලාභීන්ගේ සහන කිසිවක් කපා දැමීමට කටයුතු නොකරන බවත් සමෘද්ධි සහනාධාරය නිල් පාටවත් කොළ පාටවත් නොකර එය නිර්දේශපාලනය කරන බවත් නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසී ය.


    විසර්ජන (සංශෝධන ) පනත් කෙටුම්පත තෙවැනි වර කියවීමේ විවාදය අද (07) පාර්ලිමේන්තුවේ දී පැවති අතර එම විවාදය ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

    ලක්ෂ 14 වූ සමෘද්ධිලාභීන්ට එම සහනය දෙන බව පැවසූ අමාත්‍යවරයා මේ රටේ සමෘද්ධි හා දිවි නැඟුම සහන ලබන ජනතාව දේශපාලන ඉත්තන් කරන යුගය අවසන් කරනවා යැයි කීය.

    දේශපාලන හේතු මත සහන කප්පාදු වූ සමෘද්ධි මුද්දරය එම ජනතාවට ඉතුරු මාස හතර තුළ දී නව මුද්දර ලබාදීමට කටයුතු කරනවා. පොඩි මිනිසාට සහන ලබාදෙන අසාමාන්‍ය අයවැයක්. පොදු ජනතාවට සහන ලබාදෙන සමාජ සාධාරණත්වය මුදුන් පමුණුවන සංවර්ධන යෝජනා රැසක් අතුළත් අයවැයක් බව ද අමාත්‍යවරයා කීය.

    මෙහිදී අදහස් දැක්වූ  මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා, කොටස් වෙළෙඳපොළ කඩාවැට්ටවීමට කටයුතු කරන්නේ නම් එවැනි අයට කිසිදු සමාවක් නොදීමට ක්‍රියාකරන බවත් අයවැයෙන් අහිංසක ජනතාවට බදු ගසා නැති බවත් ජනතාවට සහන දීමට කටයුතු කළ බවත් පැවසීය.

    මන්දිර බද්ද ගැන වැරදි මතයක් ගොස් තිබුණා. මන්දිර බද්ධ අය කරන්නේ වසර 2000ට පෙර රුපියල් මිලියන 150 වඩා වැඩි නිවාසවලින්. වාහන සම්බන්ධයෙන් විවිධ මත තිබුණා. බදු සහනය මඟින් ලැබෙන සහනය ඒ පාරිභෝගිකයන්ට ලබාදෙන ලෙස එම කොම්පැණිවලින් ඉල්ලා සිටිනවා.

    ලක් සතොස ලැබෙන කොට රුපියල් මිලියන 4900ක් අලාභ වෙලා. මේ රටේ ආර්ථිකය සමඟ දෙතුන් දෙනෙකුට අවශ්‍ය විදියට සෙල්ලම් කරන්න ඉඩ දෙන්නේ නෑ. පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමට අපි ඉල්ලීමක් කළා. මේ වනවිට වැටුප් වැඩිකර තිබෙනවා. අපි අපේ ජනතාව සූරාකන්නේ නෑ. අපේ අදහස් ඉදිරිපත් කළ, ජනතාව විසින් ඉදිරිපත් කළ අයවැයක්. විපක්ෂයෙත් අදහස් ලැබුණා. රටේ ජාතික ආර්ථිකය හදමු. තනතුරු තාවකාලිකයි. සැවොම එකතු වී කටයුතු කරමු. සහය දුන් සැමට ස්තූතිවන්ත වන බව ද අමාත්‍යවරයා පැවසී ය.
     

    සෝබන වියදම්, ප්‍රතිරූප පුම්බන වියදම්, අනවශ්‍ය වියදම් කපා හැරීම නිසා ජනතාවට සහන ලබාදීමට රජයට හැකි වී ඇති බව මේ විවාදයට එක්වෙමින් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

    අපේ රජය සියයට එකක් සුඛවිහරණය බලන්නේ නෑ. සියයට අනූ නවකයකගේ සුඛවිහරණය බලනවා. සල්ලිවලින් ඔක්කොම කරන්න පුළුවන් කියලා හිතුවා. මුදලට, භාණ්ඩ මල්ලට  ජනතාව දිනාගත නොහැකි බව මේ ආණ්ඩුවට ඡන්දය දුන් ජනතාව පෙන්වා දී තිබෙනවා. පවුල් පාලනය නැති කරලා, යහ පාලනය  ඇති කරන්නට සුවිශේෂී  ජනවරමක්  ජනාධිපතිතුමාට ලබාදුන්නා. අපි සැවොම එකතුවෙලා, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මුල් පුටුවට ගෙනාවා. අයවැයෙන් වීවලට සහතික මිලක් දුන්නා. වැඩකරන ජනතාවගේ වැටුප් රුපියල් 10,000කින් වැඩි කිරීමට කටයුතු කළා. යහ පාලනය, මෛත්‍රී පාලනය අද මේ රටේ ඇති වී තිබෙන බව ද අමාත්‍යවරයා පැවසී ය.

     

    PR

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya