මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    GSP+ සහනය නැවත ලබා ගැනීමට කටයුතු කරනවා

    පෙබරවාරි 07, 2015

    වැරදි රාජ්‍ය ප්‍රතිපත්ති නිසා එදා අහිමි වූ GSP+ සහනය නැවත ලබා ගැනීමට රජය කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය කරු ජයසූරිය මහතා පවසයි.


    විසර්ජන (සංශෝධන ) පනත් කෙටුම්පත තුන්වැනි වර කියැවීමේ විවාදයට එක්වෙමින් අද (07) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව පැවසී ය.

    මේ සම්බන්ධයෙන් සුබවාදී දෙයක් ලැබේවි. යහ පාලනයේ මුල් පියවර ගෙන තිබෙනවා. අද ලෝක ප්‍රජාව ශ්‍රී ලංකාව දෙස අලුත් ඇසකින් බලනවා. GSP+ සහනය අහිමි වීමෙන් විශාල මුදලක් රටට අහිමි වුණා. GSP+ සහනය අවශ්‍ය නෑ කිව්වා, දුර්වල විදේශ ප්‍රතිපත්තිය නිසා GSP+ සහනය අහිමි වුණා. GSP+ සහනය ලබීමෙන් නැවත ඇඟලුම් කර්මාන්තයට විශාල තල්ලුවක් ලබෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

     

    PR

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya