මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීතිඥ උපුල් ජයසූරිය ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති

    පෙබරවාරි 07, 2015

    ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ උපුල් ජයසූරිය මහතා පත් කෙරේ.


    ඒ මහතා ඊයේ (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

    උපුල් ජයසූරිය මහතා 1978 වසරේදී නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ වී ඇති අතර එම වසරේදී මහ කොළඹ ආර්ථික කොමිසම (වාර්තමාන ආයෝජන මණ්ඩලය) ආරම්භයේ දී එහි පළමු නීති උපදේශකවරයා වශයෙන් කටයුතු කර තිබේ.

    1982 ශී‍්‍ර ලංකා ට‍්‍රැක්ටර් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළ ඔහු ලංකා ඛනිජතෙල් සංස්ථාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය. එමෙන්ම ඔහු තවත් සමාගම් ගණනාවක ඉහළ පෙළේ තනතුරු රැසක් හොඹවා ඇත‍.

    NDH/pmu_pix by Sudath Silva

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya