අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පසුගිය රජය ලෝකයෙන් කොන් වී සිටියා

    පෙබරවාරි 06, 2015

    පසුගිය රජය ලෝකයෙන් කොන් වී සිටි බවත් එම ආණ්ඩුවට ආයෝජන ලබාගන්නට නොහැකි වූ නිසා ණය ගන්නට සිදු වූ බවත් පර්ලිමේන්තුවේ සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි.


    සභානායකවරයා අද (06) පාර්ලිමේන්තුවේදී මේ බව පැවසී ය.

    අද ආයෝජකයෝ එන්න පොර කරනවා. අද පිළිගත් රාජ්‍යයන්ගේ ආරාධනා එනවා. අද ක්‍රමයෙන් ලංකාව ජාතින් අතර පිළිගන්නා තත්ත්වයකට පත් වෙලා. පසුගිය රජය කාලයේ මේ රටට ආයෝජන ආවේ නෑ. එදා ආණ්ඩුව ණයයි, ආයෝජනයි පටලවාගෙන. පසුගිය රජය ලෝකයෙන් කොන් වී සිටියා. අවනීතිය, නීතිවිරෝධී ක්‍රියා, මර්දනය නිසා ජාත්‍යන්තරයෙන් කොන් වුණා. ආයෝජකයන් ආවේ නෑ.

    පසුගිය ආණ්ඩුව සාමය ප්‍රමාණවත් කියල හිතුවා. ප්‍රජාතන්ත්‍රවාදයට යහ පාලනය තිබිය යුතුයි. සුළු ජනතාවට සැලකිය යුතුයි.

    අපි ජනාධිපතිවරණයේ දී පොරොන්දු වූ පරිදි සියලු පනත් ඉක්මනින් ම පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරනවා.

    එදා මේ රටේ ජනතාවගේ බඩගින්න ගැන කතා කළේ නැහැ. ජනතාවගේ බඩගින්න ගැන හිතලා නැතැයි ද සභානායකවරයා පැවසී ය.

    PR

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya