අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව රජය නාස්තිකාර වියදම් නවතා තිබෙනවා

    පෙබරවාරි 06, 2015

    නව රජය විශාල වශයෙන් ජනතාවට සහන ලබා දී තිබෙන බවත් නාස්තිකාර වියදම් නවතා තිබෙන බවත් සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.


    විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත (අතුරු අයවැය) දෙවැනි වර කියවීමේ විවාදයේ අදහස් දක්වමින් අමාත්‍යවරයා අද (06) පාර්ලිමේන්තුවේදී මේ බව පැවසී ය.

    මේ රටේ ආර්ථිකය මෙහෙයුවේ දෙදෙනෙක්. අපි කිව්ව දේවල් ශත පහකටවත් ගණන් ගත්තේ නෑ. එදා තිබුණේ පවුල්වාදය, වැඩවසම් ක්‍රමයක්. මේ රටේ ජනතාව ඉල්ලන්නේ ජනාධිපති ක්‍රමය අහෝසි කරන එකයි.

    එදා විරැකියාව පිළිබඳ ව ප්‍රකාශ කළ සංඛ්‍යාලේඛන අසත්‍ය යැයි පැවසූ අමාත්‍යවරයා, තමන්ට ලැබෙන රැකියා අයදුම්පත්වලින් ම එය පැහැදිලි වන බව පැවසීය.

    ප්‍රතිපත්ති රාමුවක් තුළ රැකියා ලබා දෙන්න අවශ්‍යයි. නව රජය කැබිනට් මණ්ඩලයේ සංඛ්‍යාව අඩු කර විශාල මුදල් ප්‍රමාණයක් ඉතුරු කළා.

    අපි සහන මල්ලක් ලබා දී තිබෙනවා. එය සමච්චල් කරන්න එපා. එදා  කරන්න තිබුණු දේවල් මේවා. හිටපු ජනාධිපතිතුමා හොඳ නායකයෙක්. එතුමා නැති කළේ එතුමාගේ වටේ සිටිය අයයි. සල්ලිවලට වඩා මනුෂ්‍ය බලය වැදගත් කියලා ජනතාව පෙන්වා දී ඇතැයි ද අමාත්‍යවරයා විවාදයේ දී පැවසී ය.

     

    PR

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya