අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පසුගිය රජයේ අපරාධකාරී සංවර්ධන උපාය මාර්ගය දිගුකාලීනව නතර කරනවා

    පෙබරවාරි 06, 2015

    පසුගිය රජයේ අපරාධකාරී සංවර්ධන උපාය මාර්ගය දිගුකාලීනව නතර කරනවා පමණක් නොව, ඒ සඳහා මුල් අඩිතාලමක් නව රජයේ අතුරු අයවැයෙන් ලැබී තිබෙන බව විදුලිබල අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.


    විසර්ජන පනත් කෙටුම්පත (සංශෝධන) දෙවැනි වර කියවීමේ විවාදයේ අදහස් දක්වමින් අද (06) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව පැවසී ය.

    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, මේ අතුරු අයවැය හඳුන්වා තිබෙන්නේ දින 100 විප්ලවයක් ලෙසයි. අතුරු අයවැය මඟින් සාමාජ, ආර්ථික අඩිතාලමක් දමන්නට අවශ්‍ය වුණා. ඉදිරි කාලයේ ගොඩනගන ‘දේශපාලන අඩිතාලම’ ශක්තිමත් ව, පක්ෂ භේදයකින් තොරව ඉදිරියට ගෙන යන්නට අවශ්‍යයි.

    මේ අයවැයේ ඉතා ම වැදගත් අංග ලක්ෂණය වන්නේ, පසුගිය පාලනයේ පැවති ඉතාම බලගතු අපරාධකාරී බදු ඉවත්කර මේ රටේ සමාන්‍ය ජනතාවට සහන ලබාදීමයි.

    රාජපක්ෂ පාලනයේ තිබුණු ඉතා ම නරක අංග ලක්ෂණය තමයි, මහජනතාවගේ එදිනෙදා ඉන්ධන, ආහාර ආදියෙන් බදු අරගෙන මහජනතාවට ඔරොත්තු නොදෙන, ඉහල ධනපති කණ්ඩායමකට අවශ්‍ය කරන අධිසුඛෝපභෝගී සංවර්ධනයක් පවත්වාගෙන යාම. එය අපරාධකාරී සංවර්ධන උපාය මාර්ගයකකි. එය නැවැත්වීමට අප දැන් පියවර ගෙන තිබෙනවා.

    "එම අපරාධකාරී සංවර්ධන උපාය මාර්ගය දිගුකාලීනව නතරකරනවා පමණක් නොව, ඒ සඳහා මුල් අඩිතාලමක් මෙම අතුරු අයවැයෙන් ලැබිලා තිබෙනවා. එක් පැත්තකින් මේ රටේ ජාවාරම්කාර පංතියෙන් බදු අය කර ගන්නා අතර සාමාන්‍ය ජනතාවගේ ආහාරවලින් අයකරගත් බදු ඉවත් කිරීම විසින් එම සමාජ සාධාරණත්වයේ මූලධර්මය මේ අතුරු අයවැයෙන් ඉෂ්ට කර තිබෙනවා" යැයි අමාත්‍යවරයා කීය.

    අයවැය ගැන නොයෙක් විවේචන තිබෙනවා. ඉදිරි කාලයේ දී ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඇති කරන ජාතික සැලැස්මකට අනුකූලව බදු ප්‍රතිපත්තිය සකස් විය යුතුයි. මේ අයවැයට එල්ලවන විවේචනයක් තමයි, කෙටිකාලීන ආදායම් මාර්ග මඟින් දිගුකාලීන වියදම් පියවන්න උත්සාහ කරන බව. ජනතාවට සහන ලබාදීලා, දේශපාලන ප්‍රතිසංස්කරණයට සියලු දෙනාගේ ශක්තීන් එකතු කරනවා. මේ තුළින් ප්‍රාතිහාර්ය පාන්නේ නෑ. ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩවලට සහන ලබාදීමයි බලාපොරොත්තු වන්නේ යැයි අමාත්‍යවරයා පැවසී ය.

    මන්නාරම ගොඩබිමට කිලෝ මීටර 30ක් එපිටින් මන්නාරම් ද්‍රෝණියේ ඩොරැඩෝ ගෑස් ළිදේ සහ බර්කියුඩා ළිදේ‍ ගෑස් සම්පත හමු වී ඇතැයි සතුටින් ප්‍රකාශ කරනවා.

    මේ ගෑස් සම්පත මුහුදෙන් ගොඩට ගෙනවිත් මිලියන 20ක් පමණ ජනතාවගේ සේවය සඳහා යොදා ගැනීමේ කාලය පැමිණ තිබෙනවා. මේවා අපේ ජාතික මහ ධනය බවට පත් කරගත යුතු යුගය එළැඹී තිබෙනවා. අපි අනිවාර්යෙන් ම ජාතික තෙල් නිෂ්පාදන සාමාගමක් බිහි කර ගත යුතු බව ද අමාත්‍යවරයා පැවසී ය.

    PR

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya