අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන සහකාර විදේශ අමාත්‍යවරයා ජනපති හමුවේ

    පෙබරවාරි 06, 2015
    චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත එරට සහකාර විදේශ අමාත්‍ය ලියු ජියාන් චෝවු (Liu Jian Chao) මහතා අද (06) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජයග්‍රහණය පිළිබඳ ව පළමුව චීන රජයේ සුබපැතුම් පළ කළ ඒ මහතා චීනයේ ජාතික සඟරා දෙකකම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය පිළිබඳ ඉතා ධනාත්මක අයුරින් වාර්තා කර තිබූ බවද කියා සිටියේය.
     
    චීන සහකාර විදේශ අමාත්‍යවරයා සමඟ චීන තානාපතිවරයා ඇතුළු එරටට නියෝජිත පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
     
    ජනාධිපති විදේශ කටයුතු පිළිබඳ උපදේශක ආචාර්ය ජයන්ත ධනපාල, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් චිත්‍රාංගනී වාගීශ්වර මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක් ව සිටියහ.
     
    දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ලියු ජියාන් චෝවු මහතා අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද හමුවීමට නියමිත අතර  ඊයේ  (05) විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සමඟ සාකච්ඡාවක නිරත විය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya