අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වරාය නගරය පිළිබඳ ව පාර්ලිමේන්තුව දැනුවත් කරනවා - අගමැති

    පෙබරවාරි 06, 2015

    චීන ආධාර යටතේ කොළඹ ගාලු මුවදොර ඉදිවෙමින් පවතින පෝර්ට් සිටි (Port City ) ව්‍යාපෘතිය පිළිබඳ ව සොයාබැලීමට පත් කර ඇති කමිටුවේ වාර්තාව ලැබුණු පසු පාර්ලිමේන්තුව දනුවත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.


    පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් වරාය නගරය (Port City ) පිළිබඳ ව යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    වරාය නගරය පිළිබඳ යම් ප්‍රශ්නයක් මතු වී තිබුණා. ඒ පිළිබඳ ව ලිපිගොනු පරීක්ෂාකර බැලීමට ඉල්ලා සිටියා. මෙම වාර්තා සොය බලන්න වෙනම ම කමිටුවක් සහ මාගේ ප්‍රධානත්වයෙන් උප කමිටුවක් පත් කර තිබෙනවා යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    සම්පූර්ණ වර්තාව කමිටුව විසින් ලබා දුන් පසු පාර්ලිමේන්තුව දැනුවත් කරන බව කී අග්‍රාමාත්‍යවරයා, එම වාර්තාව චීන තානාපතිවරයාට ද ලබා දෙන බව පැවසී ය.

     

    PR

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya