අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංහිඳියාව පිළිබඳ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක්

    පෙබරවාරි 06, 2015
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යෝජනාවක් මත ජනතාව අතර විශ්වාසය ගොඩනඟා, සුහදත්වය ඇතිකර ඒ හරහා සියලු ජාතීන් අතර සංහිඳියාව ගොඩනැඟීම සඳහා විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි.
     
    ජනාධිපතිතුමාගේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම බලකායට සාමාජිකයන් 07දෙනෙකු පත් කරනු ලැබේ.
     
    විසඳුම් අවශ්‍ය වන ප්‍රධාන ගැටලු හඳුනාගෙන විවිධ ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා අවශ්‍ය  යෝජනා නිර්දේශ කිරීම මෙම බලකාය පිහිටුවීමේ විශේෂ අරමුණ වනු ඇත.
     
    ගැටුම් ඇතිවීමේ ප්‍රතිඵලයක් වශයෙන් පුරවැසියන් හට අත් වු දුෂ්කරතා තුරන් කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම, ගැටුම් හේතුවෙන් දැනට රැඳවියන් වශයෙන් සිටින පුද්ගලයන් සම්බන්ධව අධ්‍යයනය කොට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සහ සුහඳත්වය ගොඩනැගීම මෙන් ම සංහිඳියාව බලපැවැත්වීම සම්බන්ධයෙන් වු සියලු කරුණු පිළිබඳ අධ්‍යයනය කොට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කාර්යය සාධන බලකායේ අනෙකුත් යෝජනා අතර වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya