මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති මෛත්‍රී ඉන්දීය නිල චාරිකාවක

    පෙබරවාරි 05, 2015

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ආරාධනාවක් අනුව පෙබරවාරි 15 සිට 18 දක්වා ඉන්දියාවේ නිල චාරිකාවක නිරත වනු ඇත.


    මෙම චාරිකාවේ දී ජනාධිපතිතුමා ඉන්දීය ජනාධිපති ප‍්‍රනාබ් මුඛර්ජි මැතිතුමා හමුවීමට නියමිතයි. ඉන්දීය අග‍්‍රමාත්‍ය මෝදි මැතිතුමා සමග ද්වීපාර්ශවික සාකච්ඡා පවත්වනු ඇත. මීට අමතරව ජනාධිපතිතුමා දේශපාලන පක්ෂ නායකයන් හා අනෙකුත් ප‍්‍රභූන් ද මුණ ගැසීමට නියමිතය.

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා බුද්ධගයා විහාරස්ථානයේ සහ තිරුපති කෝවිලේ ආගමික වතාවත් සඳහා ද සහභාගී වනු ඇත.

    මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පසුගිය මාසයේ දී ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු නිරත වන පළමු විදෙස් සංචාරය මෙයයි.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya