මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාවට ඍජු ප්‍රතිලාභ ගෙන දෙන ආයෝජන වැඩි කරනවා - මුදල් ඇමති

    පෙබරවාරි 05, 2015

    දැනට කර ගෙන යන අනවශ්‍ය ප්‍රාග්ධන වියදම් කපාහරිමින් අලුත් ආදායම් උපයන ක්‍රම සොයා යන ඉදිරි දැක්මක් සහිත අයවැයක් ඉදිරිපත් කර ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණනායක මහත පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) පාර්ලිමේන්තුවේදී 2014 අය-වැය  සංශෝධනය කරන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදය ආරම්භ කරමිනි.

    99%ක් ම ජනාතාවට සහන සැලසෙන පරිදි මේ අයවැය ඉදිරිපත් කර ඇත. රටේ ආර්ථිකය ඉතා භයානක තත්ත්වයක පවතී. මේ රටේ ආර්ථිකය කොතරම් දුරට කඩාවැටී ඇත් ද කියන්න මේ දවස් 21ට පුළුවනි. දැනට ඇස්තමේන්තුව අනුව මේ රටේ ණය රුපියල් 9 ලක්ෂ 23 දහසක් පමණ වෙනවා. ඉරාන ණය සම්පූර්ණයෙන් ම ගණනය කර නැහැ. අනිසි මට්ටමින් ආදායම් උපයා ගෙන ඒවායින් ගෙවල් හදාගෙන සිටින අයගෙන් මන්දිර බද්ද අය කරනවා. දැනට අවුරුදු 5, 6කට උඩ මේ රටේ ජීවන තත්ත්වය කඩා වැටී ඇති මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.

    මේ විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ අමාත්‍ය පී. හැරිසන් මහතා, ලෝක තෙල් මිලේ අඩුවීමක් සිදු වුණත් ඒ සහනය රටේ ජනතාවට ලබා නොදුන් බව සඳහන් කළේය.

    රාජ්‍ය සේවකයා මොනතරම් දරිද්‍රතාවන් දරා සිටියා ද කියන එක පසුගිය ආණ්ඩුවට මුලින් ම ජනාධිපතිවරණයේදී පෙන්නුම් කළා. කෘෂි ණය ගෙවා ගන්න බැරිව මේ රටේ දහස් ගණනක් ගොවි ජනතාව සිටියා. 50%ක් වගා ණය කපාහරින්න අලුත් අයවැයට හැකිවුණා. මෙහි ගෞරවය ජනාධිපතිතුමාට හිමි විය යුතුයි. එදා කළේ කෝටි ප්‍රකෝටි ගණන් මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ණය කපා හැරීම බවත් ඔහු පැවසීය.

    විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය පාලිත රංග ‍බණ්ඩාර මහතා මේ විවාදයට එක්වෙමින් පැවසුවේ වසර ගණනාවකින් ජනතාවට දැනෙන අයවැයක් ලබා දී තිබෙන බවයි.

    අයවැය මඟින් පසුගිය ආණ්ඩුව ජනතාවට සහන දුන්නේ නැහැ. පසුගිය වර අයවැයෙන් එක පුද්ගලයෙක් වෙනුවෙන් රුපියල් කෝටි 895ක් වෙන් කළා. දැන් ඉන් රුපියල් කෝටි 600ක් ලබා ගෙන ජනතාවට ලබා දී තිබෙනවා. රුපියල් බිලයන 65ක ඉන්ධන සහනාධාර ලබා දෙන්න පුළුවන් ‍වුණා. අපි පොරොන්දු වුණේ රුපියල් බිලියන 45ක ඉන්ධන සහන ලබාදෙන්නයි. පසුගිය ආණ්ඩුව ඉන්ධන ලීටරයකට රුපියල් 67.31ක බදු අයකර ගත්තත් අප එය නැවත ජනතාවට ලබා දුන්නා. තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය වැනි ආයතන හූරා කෑවා. ඒවායේ තීන්දු තීරණ ගත්තේ කැසිනෝකාරයෝයි. හෙජිං ගිවිසුම නිසා තෙල් සංස්ථාවට රුපියල් ලක්ෂ 9,700ක් පාඩු සිදු වුණා. ඒ නඩුවට යන්න විතරක් රුපියල් මිලියන 2,323ක් වියදම් කර තිබෙනවා. තෙල් නළ පද්ධතිය වසර 20කින් නඩත්තු කර නැති බව ද ඔහු කීය.   

    නීතිය වල්වැදුණ යුගය දැන් ඉවරයි. වෙලේ සුදා අත් අඩංගුවට ගන්න පසුගිය ආණ්ඩුවට හැකියාව තිබුණේ නැති වුවත් අපි ඔහු අත් අඩංගුවට ගත්තා. ඒ අයට විරුද්ධව රාජකාරී කරනවා. අද පැය විසිහතර ම බාහිර රෝගී අංශය විවෘත කිරීමට ආණ්ඩුව ක්‍රියාකර තිබෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya