අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ශාන්ත දොඩම්ගොඩ මහතාගේ පවුලේ සුවදුක් විමසයි

    පෙබරවාරි 05, 2015

    පසුගිය ජනාධිපතිවරණ සමයේදී වෙඩි පහරකට ලක්ව මියගිය නැමිනිකන්ද, වැල්ලදුර, කහවත්ත ප්‍ර දේශයේ පදිංචි ව සිටි ශාන්ත දොඩම්ගොඩ මහතාගේ පවුලේ සාමාජිකයන් අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී හමු වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඔවුන්ගේ සුවදුක් විමසීය.


    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහය දැක්වීමට කහවත්ත ප්‍රදේශයේ පැවති ජනහමුවක වේදිකාව සරසමින් සිටියදී ශාන්ත දොඩම්ගොඩ මහතා අවාසනාවන්ත ලෙස වෙඩි පහරකට ලක්ව මිය ගියේය.

    ඒ මහතාගේ බිරිඳ සහ දරුවන් හමු වූ ජනාධිපතිතුමා එම සිදුවීම පිළිබඳ බලවත් කණගාටුව පළ කරමින් ඔවුන්ගේ තොරතුරු විමසමින් සුහද කතාබහක නිරත විය.

    මේ අවස්ථාවට ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය ද එක්ව සිටියාය.

    NDH/mu_pix by Sudath Silva

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya