මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූලයි

    පෙබරවාරි 05, 2015

    පාර්ලිමේන්තුවට අද (05) ඉදිරිපත් කරන ලද 2014 අංක 41 දරන විසර්ජන පනත සංශෝධනය සඳහා වූ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත හෝ එහි වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු ව්‍යවස්ථාවකට අනනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි නියෝජ්‍ය කාරක සභා සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රකුමාර මුරුගේසු මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.


    මෙම පනත් කෙටුම්පත ජනිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල දැයි විමසීම සඳහා එහි 122 වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කර තිබුණි. ඒ අනුව සලකා බලා මෙම තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කතානායක වෙත දැනුම් දී තිබේ. එම තීන්දුව සම්පූර්ණයෙන්ම හැන්සාඩ් වාර්තාවට ඇතුළත් කරන ලෙස ද මුලසුනේ සිටි චන්ද්‍රකුමාර මුරුගේසු මහතා නියෝග කළේය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya