අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රතුපස්වල සිද්ධිය ගැන විභාග කළ යුතු යැයි අගමැති පවසයි

    පෙබරවාරි 05, 2015

    පානීය ජල ප්‍රශ්නයට එරෙහි ව වැලිවේරිය, රතුපස්වල ජනතාව ගෙන ගිය උද්ඝෝෂණයේදී සිදු කරන ලද වෙඩි තැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට වෙනම කොමිෂන් සභාවක් හෝ තේරීම් කාරක සභාවක් පත්කරනවාද යන්න තීරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.


    අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

    මේ පිළිබඳ ව ලබා දී ඇති වාර්තාව සම්බන්ධයෙන් කිසිසේත්ම සෑහීමකට පත් විය නොහැකියි. මේ සිද්ධිය ගැන මේ සභාව දැන ගත යුතුයි. එවක ආණ්ඩු පක්ෂයත් මේ සිද්ධියේදී වැරැද්දක් සිදු වුණා ද සෙව්වා. ඇයි? උද්ඝෝෂණයක් තිබුණා නම් පොලිසියට එය විසුරුවන්න නොහැකි වුණේ. හමුදාව කැඳවන්න නියෝග දුන්නේ කවුද? මේ සිද්ධියේ ප්‍රධාන ක්‍රියාකරුවෙකු ලෙස ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ධම්මික පෙරේරා මහතාත් සිටියා. මේ ගැන විභාග කළ යුතු යැයි ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya