අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 අය-වැයට සංශෝධන පනත් කෙටුම්පත් අද විවාදයට

    පෙබරවාරි 05, 2015
    2014 අය-වැය  සංශෝධනය කරන පනත් කෙටුම්පත අද (05) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.
     
    අද දින පාර්ලිමේන්තුව වෙත මෙම  සංශෝධන ඉදිරිපත් කරනු ලබන අතර එහි දෙවන වර කියවීම අද දිනයේ ම සිදු කෙරේ. 
     
    පසුගිය රජය අයවැය මගින් අමාත්‍යාංශ 60කට ප්‍රතිපාදන වෙන් කර තිබුණි. ඒවා නව රජය යටතේ අමාත්‍යාංශ 31 හා රාජ්‍ය අමාත්‍යාංශ 10ක් වශයෙන් අඩුකර ඇති බැවින් එම ප්‍රතිපාදන එම අමාත්‍යාංශවල විෂය පථයන්ට අනුකූල වන පරිදි ප්‍රතිපාදන වෙන් කිරීමටත් නව රජයේ දින 100 ක්ෂණික, සහන වැසටහන් සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම පිණිසත් 2014 අංක 41 දරන විසර්ජන පනත සංශෝධනය කිරීම මෙහිදී සිදු වේ. ඒ සඳහා  පසුගිය සතියේ කැබිනට් අනුමැතිය ද ලැබිණි. 
     
    පාර්ලිමේන්තුව හෙට (06) හා අනිද්දා (07) දිනයන් හිද රැස්වීමට නියමිතය.
     
    PR/NDH
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya