අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික නිදහස් දින රාජ්‍ය ආගමික උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

    පෙබරවාරි 04, 2015
    ජාතික නිදහස් දින රාජ්‍ය ආගමික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්නවයෙන් ඊයේ (03) පස්වරුවේ වාද්දුව, මොල්ලිගොඩ දෙගම්බද මහ විහාරස්ථානයේ දී පැවැත්විණි.
     
    එම විහාරස්ථානයට ගිය ජනාධිපතිතුමා පළමුව විහාර මන්දිරය වෙත ගොස් ආගමික වතාවත් හි නිරත විය. 
     
    අනතුරුව බෝධීන් වහන්සේ අභියස පැවැති ආගමික වතාවත් සඳහා ද සහභාගි විය.
     
    විහාරාධිපති පූජ්‍ය රයිගම් සල්පිටි කෝරලයේ ප්‍රධාන සංඝනායක විශ්‍රාමලත් විදුහල්පති පූජ්‍යපාද බෝපිටියේ ධම්මිස්සර නායක හිමිපාණන් වහන්සේ ද බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුවඳුක් විමසා පිරිකර ද පූජා කළේය.
     
    මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වන නාග බෝධිය සිහිවීම පිණිස විහාර පරිශ්‍රයේ නා වෘක්ෂයක් රෝපණය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    මෙම අවස්ථාව සඳහා ප්‍ර දේශයේ මහා සංඝරත්නය ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරු වන කරු 
    ජයසූරිය, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන නවීන් දිසානායක, අජිත් පී. පෙරේරා මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරු ද, සැදැහැවතුන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya