මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දින සියයේ වැඩපිළිවෙළ පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්ගේ ප‍්‍රසාදයට

    පෙබරවාරි 03, 2015
    වත්මන් රජයේ දින සියයේ වැඩපිළිවෙළ පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් කමලේෂ් ෂර්මා මහතාගේ දැඩි ප‍්‍රසාදයට ලක් වෙයි. පොදු රාජ්‍ය මණ්ඩලය අපේක්ෂා කළ කරුණු කාරණා රැසක් ඊට ඇතුළත්ව තිබීම සතුටට කරුණක් බවද ප‍්‍රකාශ කළ කමලේෂ් ශර්මා මහතා ඒ තුළින් ශී‍්‍ර ලංකාව නව වෙනසක් කර ගමන් කරනු ඇති බවද ප‍්‍රකාශ කළේය.
     
    තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කමලේෂ් ෂර්මා මහතා ඊයේ (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේදී මේ බව ප‍්‍රකාශ කළේය.
     
    කොමිෂන් සභා පත් කිරීම, මාධ්‍ය නිදහස තහවුරු කිරීම, තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීම ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලය විසින් ලබාදුන් යෝජනා රැසක් වත්මන් රජයේ දින සියයේ වැඩපිළිවෙළට ඇතුළත්ව තිබෙන අතර එය ඉතා හොඳ තත්ත්වයක් බව ද ඔහු ප‍්‍රකාශ කළේය.
     
    පසුගිය ජනාධිපතිවරණය ඉතා සාමකාමී සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයුරින් අවසන් කර නව පාලන තන්ත‍්‍රයක් රට තුළ ඇති කිරීමට කටයුතු කිරීම පිළිබඳ ව ද මෙහිදී මහලේකම්වරයා තම ස්තූතිය පළ කර සිටියේය.
     
    එම මැතිවරණයේ නිරික්ෂණ කටයුතු සඳහා පොදු රාජ්‍ය මණ්ඩයේ නියෝජිතයන් ද සහභාගී වූ අතර මැතිවරණ කොමසාරිස්වරයා සමඟ ද නිරන්තර සාකච්ඡා පවත්මින් ලබා දුන් දායකත්වය ද සිහිපත් කළේය.
     
    මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා පෙන්වා දුන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය ආරම්භක සාමාජිකයෙකු ලෙස පොදු රාජ්‍ය මණ්ඩලයීය සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ලැබීම පිළිබඳ සතුටු වන බවයි. 
     
    පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරයා මෙන් ම නියෝජිතයන් මෙරට සිදු කරන සංචාරය තුළදී ලබා ගන්නා අදහස් තුලින් එම සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බව ද ප‍්‍රකාශ කළේය.
     
    අපේ රටට අන්තර්ජාතික සබඳතා ඉතා වැදගත් බවද පෙන්වා දුන් ජනාධිපතිතුමා පොදු රාජ්‍ය මණ්ඩලයේ සහාය තුළින් එම සබඳතා තවදුරටත් වැඩිවනු ඇති බව ද පැවසීය.
     
    යුද්ධයේ වෙඩි හ`ඩ අවසන්විමෙන් පසුව පමණක් නොව ඉදිරියටත් රට තුළ සාමය පවත්වාගෙන යාම ඉතා වැදගත් බවද පෙන්වාදුන් ජනාධිපතිතුමා ජනතා සිත් සතන් දිනාගත හැක්කේ ඒ තුලින් බවද කියා සිටියේය.
     
    යුද්ධය නිමා කිරිම සමඟ අභියෝග රැසක් මතුව තිබෙන බවත් ජනතාව අතර විශ්වාසය වැඩි කර අනවබෝධය දුරුකිරීමට කටයුතු කළ යුතු බවත් ඒ සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයේ සහාය අපේක්ෂා කරන බවත් ජනාධිපතිතුමා පැවසීය.
     
    මීළග පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව මෝල්ටා රාජ්‍යයේ පැවැත්වෙන අතර කොළඹ සමුළුවේ දී ගත් තීන්දු තීරණ 
     
    ඉදිරියට ගෙන යමින් එම සමුළුව සාර්ථක කර ගැනීම සඳහා ජනාධිපතිතුමා ප‍්‍රමුඛ නව රජයේ සහාය අපේක්ෂා කරන බවද පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම්වරයා ප‍්‍රකාශ කළේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya