අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් දරුවන් රාජ්‍ය උත්සව යොදා නොගැනීමේ ජනපති තීරණයට සැපසුම්

    පෙබරවාරි 03, 2015
    රාජ්‍ය උත්සවය සඳහා පාසල් සිසුන් යොදා නොගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගත් තීරණය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ ඇගයීම‍ට ලක්වේ. පසුගිය දා රූපවාහිනී සේවය ඔස්සේ විකාශය වූ “මෛත්‍රී පිළිසඳර” නම් වැඩසටහනට එක් වෙමින් ජනාධිපතිතුමන් උක්ත තීරණය ප්‍රකාශයට පත් කළේය.
     
    හෙට (04) දින පැවැත්වීමට නියමිත 67 වන ජාතික නිදහස් උත්සවයේ දී ජාතික ගීය හා ජයමංගල ගාථා ගායනය සඳහා සහභාගි වන සිසු දරුවන් හැර වෙනත් කිසිදු පාසල් දරුවකු මේ සඳහා යොදවා නොගන්නා මෙන් තමන් බලධාරීන්ට උපදෙස් දුන් බව ජනපතිතුමන් ප්‍රකාශ කළේය.
     
    පසුගිය කාලය තුළ මෙරට පැවති ඇතැම් ජාත්‍යන්තර උත්සවවල දී කිලෝමීටර දෙකක් තුනක් තරම් දුරට පාසල් දරුවන් පෙළ ගස්වා එම දරුවන් කායිකව හා මානසිකව දැඩි පීඩාවකට ලක් කළ බව තමන් මනාව නිරීක්ෂණය කළ බවද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය. පාසල් දරුවන් කිලෝමීටර තුනක් පමණ දුරට පෙළ ගස්වා එය ලෝක වාර්තාවක් යැයි කියමින් ඇතැම් අය පුරසාරම් දෙඩූ බව කී ජනාධිපතිතුමා එම පාසල් දරුවන්ගෙන් විශාල 
    පිරිසක් ආහාරයක් හෝ දිය පොදක් නැතිව සිහිසුන්ව ඇද වැටුණු බවත් බොහෝ සිසුන් හාමත්ව සිටි බවත් ඒ නිසාම තමන් පෞද්ගලිකව එවැනි වැඩසටහන්වලට සහභාගි නොවූ බවත් පැවසීය.
     
    කෙසේ වුවද දරුවන්ට අධ්‍යාපනය හැදෑරීම සඳහා තිබෙන වටිනා කාලය මෙවැනි දෑ සඳහා ‍යොදවා ගැනීමෙන් එම දරුවන්ට සිදුවන හානිය සුළුපටු නොවන බව පවසන අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන් රැසක් ජනාධිපතිතුමා ගත් තීරණය අගයමින් එතුමන්ට ස්තූතිය පළ කර තිබේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya