අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපාන - ශී‍්‍ර ලංකා අතීත මිතුදම තවදුරටත් ශක්තිමත් කෙරේ

    පෙබරවාරි 03, 2015
    ජපාන ශී‍්‍ර ලංකා අතීත මිතුදමට නව ප‍්‍රවේශයක් ලබා දෙමින් දෙරට අතර ද්වි පාර්ශවික සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීමට දෙරටේ ම අවධානය යොමු වෙයි.
     
    ශී‍්‍ර ලංකාවේ කර්මාන්ත ක්ෂේත‍්‍රය තුළ ආයෝජන රැසක් සිදු කිරීමට ජපාන රජය ඉදිරියේ දී සූදානමින් සිටින බවත් ඒ පිළිබඳ සාකච්ඡා ඉදිරියේ දී පැවැත්වීමට අපේක්ෂා කරන බවත් සඳහන් කෙරිනි.
     
    ශී‍්‍ර ලංකාවේ ජපාන තානාපති නොබිහිතෝ හෝබෝ (Nobohito Hobo) මහතා ඊයේ (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේදී මේ බව අනාවරණය කෙරිනි.
     
    දෙරට අතර ඉදිරියේ දී පැවැත්වෙන ද්විපාර්ශවීක සාකච්ඡා තුළින් දෙරටේ ආර්ථික, සමාජයීය මෙන් ම ආගමික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බව මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා පෙන්වා දුන්නේය.
     
    ශී‍්‍ර ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ජපාන රජය මෙතක් ලබාදුන් සහයෝගය ද අගය කළ ජනාධිපතිතුමා පසුගිය යුද සමයේ සිය නියෝජිතයන් ද මෙරටට එවමින් ලබාදුන් දායකත්වය පිළිබඳ ව ද සිය ස්තුතිය පළ කළේය.
     
    අයි.එස්.අයි.එස් ත‍්‍රස්තවාදින් විසින් ජපාන ජාතිකයන් දෙදෙනෙකු පසුගියදා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිදුවීම පිළිබඳ ව ද ජනාධිපතිතුමා මෙහිදී ජපන් රජය වෙත තම ශෝකය පළ කර සිටියේය.
     
    පසුගිය ජනාධිපතිවරණය සාමකාමී මැතිවරණයක් ලෙස පැවැත්වීමට කටයුතු කිරීම පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා වෙත සිය ප‍්‍රසාදය පළ කළ ජපාන තානාපතිවරයා එය සමස්ත ආසියාවටම ආදර්ශයක් බවද කියා සිටියේය.
     
    ජපාන තානාපතිවරයා සමඟ එරට නියෝජිත පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර විදේශ කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජයන්ත ධනපාල මහතා ද එක්ව සිටියේය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya