මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පක්ෂ පාට භේද තරාතිරම නොබලා රටේ නීතිය ක්‍රියාත්මක කරනවා

    පෙබරවාරි 02, 2015

    පක්ෂ, පාට භේද තරාතිරම නොබලා රටේ නීතිය ක්‍රියාත්මක කරන බව අද (02) පාර්ලිමේන්තුවේදී අධිකරණ හා කම්කරු සබඳතා නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේරසිංහ මහතා පවසයි.


    නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ, හිටපු එජාප මහලේකම් හා හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතා අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

    පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්ස අත්තනායක මහතාට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කිරීමෙන් අනතුරුව කූට ලේඛන සෑදීමේ වරදට අද (02) දින අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මන්තී‍්‍රවරයා අත් අඩංගුවට ගෙන ඇත.

    ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අද දින කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 11 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

     

    PR/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya