මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිකරණයේ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදයේ පදනමට අතිශයින් වැදගත්

    පෙබරවාරි 02, 2015
    අධිකරණයේ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදයේ පදනමට අතිශයින් වැදගත් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
     
    අගවිනිසුරු ධූරය පිළිබඳව සභාව කල්තැබීමේ යෝජනාවේ විවාදයේ අදහස් දක්වමින් අමාත්‍යවරයා අද (02) පාර්ලිමේන්තුවේදී මෙසේ පැවසීය.
     
    තේරිම් කාරක සභාවක් පත් කිරීමට පාර්ලිමේන්තුවේදී යෝජනාවක් සම්මත වුණා. විය යුතුව තිබුණේ එය නොවේ. අගවිනිසුරුවරිය ඉවත් කිරීම ඉලක්ක කරගෙන යෝජනාවක් තිබුණේ නෑ. අනුගමනය කළ ක්‍රමවේදය අතිශය දෝෂ සහිත බව ද එම ඉවත් කිරීම එදා පිළිගත්තේ නෑ. අද පිළිගන්නේ නැති බවත් අමාත්‍යවරයා පැවසී ය.
     
    මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ, ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධූරයෙන් නෛතිකව ඉවත් කර නොතිබූ බවත් එදා සිදු කළේ කමිටුවක් පත් කිරීම නිසා දූෂිත අගවිනිසුරුවරු, විනිසුරුවරු ආරක්ෂා කරන්නට එන්නේ නැති බවත්ය.
     

    එදා අපි කර්තව්‍යයක් කළා. ශිරාණි බණ්ඩාරනායක මැතිණියගේ වැරදි අපි දැක්කා. ඒත් අපි එතුමියට ගැරහුවේ නෑ. දූෂිත ගනුදෙනු ගැන කත කළා. අපි අධිකරණය පිරිසිදු කළ යුතුයි කියන තැන ඉන්නේ. මේ ක්‍රමය වැරදි බව කිව්වා. අගවිනිසුරුවරයෙකු ඉවත් කිරීමට පෙර තනතුරු අත්හිටුවා නඩු විභාග කළ යුතු යැයි ඔහු ප්‍රකාශ කළේය.

    හිටපු ජනාධිපතිතුමා මට කතා කළා. මොහාන් පීරිස්  මහතා අගවිනිසුරු ලෙස පත් කරන්න හදන බව කිව්වාම මම කිව්වා, මෝසම් වර්ෂාවේ ඔරු පදිනවා වගේ වැඩක්. මේක කරන්න එපා කියලා. ශිරාණි බණ්ඩාරනායක මහත්මිය නෛතිකව ඉවත් කර නැහැ. අත්දෙක උස්සලා, එදා සම්මත කර ගත්තේ කමිටුව බව අමාත්‍යවරයා පැවසීය.

     
    PR/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya