මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා ගත් තීරණය පිළිබඳ නීති ක්ෂේත්‍රය පිළිගත්තා

    පෙබරවාරි 02, 2015
    අගවිනිසුරු ධූරය සම්බන්ධයෙන් එදා පාර්ලිමේන්තුවේදී සිදු වූයේ වැරැද්දක් බව ජනාධිපතිතුමා තේරුම් ගෙන ඇති බවත් ඒ අනුව ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සමුගැනීම සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමා ගත් තීරණය පිළිබඳ නීති ක්ෂේත්‍රයේ පිළිගත් බවත් සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (02) පාර්ලිමේන්තුවේදී අගවිනිසුරු තනතුර සම්බන්ධයෙන් පැවති සභාව කල්තැබීමේ යෝජනාවේ විශේෂ විවාදයේදී අදහස් දක්වමිනි.
     
    ශිරාණි බණ්ඩාරනායක නැවත පත්කරන්න තීන්දුව ගත්තේ අපි නෙවේ. මේ තීන්දුව ගත්තේ කවුද කියා දැන දැන කතා කරනවා. ජනාධිපතිතුමා කියන්නේ එදා පාර්ලිමේන්තුව සම්බන්ධ වුණේ තේරීම් කාරක සභාවක් පත් කිරීමේ යෝජනාවටයි. කවුරු උපදෙස් දුන්නත් අවසන් තීරණය ගත්තේ ජනාධිපතිතුමායි. නීති මහත්වරුන්, අධිකරණ සේවයේ නිලධාරීන් සියල්ල 99.9%ක් මේ තීන්දුව පිළිගත්තා යැයි ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya