මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රීලනිප නායකත්වය තමා අතට පත්වීම ආණ්ඩුවේත් රාජ්‍යයේත් ජයග‍්‍රහණයක් බව ජනාධිපති පවසයි

    පෙබරවාරි 02, 2015

    පසුගිය 31දා රාත‍්‍රියේ ජාතික රූපවාහිනියෙන් සහ ස්වාධින රූපවාහිනියෙන් විකාශය වු ”මෛත‍්‍රී පිළිසදර” වැඩ සටහනේදී අසන ලද ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් තමා ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට පත්වීම ආණ්ඩුවේත් රාජ්‍යයේත් ස්ථාවරත්වය සඳහා අත්‍යවශ්‍ය වු කටයුතත්තක්ව තිබූ බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

    දින 100 වැඩ සටහන සාර්ථක කර ගැනීමට නම් පාර්ලිමේන්තුවේ බහුතර බලය රජයට ලැබිය යුතු බවත් එය රජයට ලැබෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි ශ‍්‍රිලනිප ප‍්‍රමුඛ සංන්ධානයේ සහයෝගය රජයට ලැබුනහොත් පමණක් බවත් මැනවින් වටහා ගත් තමන් ශ‍්‍රීලනිප නායකත්වයට පත්වු බව ප‍්‍රකාශ කළේය. ඒ සඳහා හිටපු ජනාධිපති සහ හිටපු ශ‍්‍රිලනිප සභාපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඉතා කෙටි එහෙත් සෘජු සාකච්ඡාවක් කළ බවත් එහිදී පක්ෂ සභාපතිත්වය තමා වෙත පිරිනැමීමට මහින්ද රාජපක්ෂ මහතා ඒකඟවු බවත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය. එසේම තමන් කැමති නිලධාරි මණඩලයක් සමඟ පක්ෂයේ කටයුතු කර ගෙන යන බව රාජපක්ෂ මහතාට දන්වා සිටි බවද ඔහු විශේෂයෙන් අවධාරණය කළේය.

     

    ජනවාරි 09 වන සිකුරාදා පවස්වරු 6.30ට ජ්‍යෙෂ්ඨ විනිසුරු ශ‍්‍රී පවන් මහතා ඉදිරියේ තමන් අභිනව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමත් ඊළඟ එළබෙන 16 වන සිකුරාදා දින පස්වරු 6.30ට පදනම් ආයතනයේදී තමා ශ‍්‍රීලනිප සභාපති ධූරයට පත්වීමත් ජනවාරි 30 වන සිකුරාදා පස්වරු 6.30ට ජ්‍යෙෂ්ඨ විනිසුරු ශ‍්‍රී පවන් මහතා තමන් ඉදිරියේ අභිනව අගවිනිසුරුවරයා ලෙස දිවුරුම් දීමත් දෛවය හෝ ඉරණම හෝ නිසා සිදුවූවක් නොව දේශපාලනය ක‍්‍රියාවලියක අදියරක් බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේ මහතා ප‍්‍රකාශකර සිටියේය. එය නියම දේශපාලන ආශ්චර්යක් බවද සඳහන් කළේය. හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩානායක මහත්මිය ඇගේ ධුරයෙන් ඉවත් කිරීම නීත්‍යානුකූලව සිදු නොවුවක් බව සඳහන් කළ ඒ මහතා දැන් මේ වන විට ශේෂ්ඨාධිකරණය නිසි පරිදි පිහිටුවා තිබෙන බව සඳහන් කළේය.

     

    දූෂිතයන් රාජ්‍ය දේපල ගසා කෑ පුද්ගලයන් නීතිය කඩා බිද දැමූවන් හට කිසිදු සමාවක් අත්නොවන බවත් තරාතිරම උස්පහත් බේද දේශපාලන බේද නොසලකා සියලූ දෙනාට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන බවද මෙහිදී සඳහන් කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya